ආසියානු සටන් කළා ශූරතා - 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්රී ලංකා සටන් කළා කණ්ඩායම 07/14 දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
අන්තර්ජාතික සටන් කළා සම්මේලනය විසින් සංවිධානය කළ 04 වන ආසියානු සටන් කළා ශූරතා තරගාවලිය ඉකුත් 07/09 දින සිට 07/14 දින දක්වා තායිලන්තයේ පතායා නුවර පවත්වා තිබුණි. මෙයට රටවල් 06 ක ක්රීඩක ක්රීඩිකාවන් 120 දෙනෙකු සහභාගී වී තිබුණි.
එහිදී තරග වැදුණු ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් , මෙම තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ද සමත් වී තිබුණි.
මෙම ජයග්රාහී ශ්රී ලාංකික සටන් කළා කණ්ඩායම 07/14 දින රාත්රී 09.50 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට , එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් පිළිගැනීම සදහා මෙම ක්රීඩක ක්රීඩිකාවන්ගේ දෙමාපිය , ඥාතීන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .




