ශ්රී ලංකාවේ සංචාරක කටයුතු ප්රවර්ධනය කිරීම සදහා ප්රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු අද (21දා) කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්රී ලංකාවට පැමිණියහ .
මෙම පිරිස මහනුවර , බෙන්තොට සහ කොළඹ යන ප්රදේශ වල සංචාරය කරමින් සහ මෙම ප්රදේශ වල තිබෙන හෝටල් පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව ශ්රී ලංකාවට ප්රංශයේ සිට සංචාරකයන් කැදවා ගෙන ඒමට නියමිතය .
මෙම සංචාරක නියෝජිතයන් පිරිස අද (21දා) උදෑසන 07.25 ට ප්රංශයේ ෆ්රෑන්ක්පර්ට් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්රී ලන්කන් ගුවන් සේවයේ , සංචාරක හෝටල් වල නියෝජිත පිරිසක් , සංචාරකයන් ප්රවාහනය කරන බස් රථ සේවා සමාගම් වල නියෝජිත පිරිසක් සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

