හැටන් ශ්රි කුරුස දේවස්ථානයේ (10) දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිලිරුවේ දෑසින් රත් පැහැයෙන් වම් ඇසින් කදුළුවැනි යමක් ගලා ඇති බව එම දේවස්ථානයේ පියතුමන් වන වර්ණකුලසුරිය ඇන්තනි ප්රනාන්දු පියතුමන් පැවසිය.
හැටන් කුඩාගම ප්රදේශයේ කිතුනු භක්තිකයෙකුගේ නිවසේ තැන්පත් කර තිබු ශාන්ත මරියතුමියගේ පිලිරුවේ වම් දෑසින් රත් පැහැයෙන් යුතුව කදුළුවැනි යමක් ගලන බව දුටු එම කිතුනු භක්තිකයා (10) දින පස්වරුවේ එම පිලිරුව හැටන් ශ්රි කුරුස දේවස්ථානය වෙත වඩම්මවා දේවස්ථානය වෙත භාරදුන් බවත්, ඉන් අනතුරුව ශාන්ත මරියතුමියගේ පිලිරුව දේවස්ථානයේ තැන්පත් කල බවයි එම පියතුමන් කියා සිටියේ.
(10) දින පස්වරුවේ ශාන්ත මරියතුමියගේ ප්රතිමාව වඩම්මවන අවස්තාවේ එතුමියගේ වම් දෑසින් රත් පැහැයෙන් කදුළුවැනි යමක් ගලා ඇති බවට එම පිළිරුවෙන් ගලා ඇති කදුළුවැනි යමේ තෙතමනයක් තිබු බවත්, (11) දින අලුයම වන විට එසේ ගලා තිබු ශ්රාවය වියලි ගොස් ඇති බවත්, කදුළු වැනි යමක් ගලා ඇති බවට ඕනැම කෙනෙකුට පියවි ඇසින් දැකගත හැකි බවයි පියතුමන් කියා සිටියේ.
ශාන්ත මරියතුමියගේ දේව ප්රතිමාව දැක බලා ගැනිමට සහ යාඥා කිරිමට (10) දින රාත්රියේ සිට විශාල කිතුනු බැතිමතුන් ඇතුළු ප්රදේශවාසින් පිරිසක් හැටන් ශ්රි කුරුස දේවස්ථානය වෙත පැමිණෙන බවත්, එසේ පැමිණෙන කිතුනු බැතිමතුන් දේවස්ථානය තුල යාඥා කර දේව මෙහෙයන් සිදු කරන බවයි පියතුමණ් කියා සිටියේ.
හැටන් ශ්රි කුරුස දේවස්ථානයට විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් එම දේවස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.







