ශ්‍රී ලන්කන් ගුවන් සේවය 4/08 දින සිට සිය ගුවන් ගමන් මෙහෙයුම් 4/21 දින තෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ. එහෙත් තවදුරටත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙම ගුවන් යානා සිය ධාවන කටයුතු සිදු කරයි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , සිය මූලස්ථානය වශයෙන් භාවිත කරමින් සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරයි .
මෙසේ ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 සහ ඒ.- 320 වර්ගයේ ගුවන් යානා 25 ක් පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ නවතා තිබුණි .



