ආසියානු දැල්පන්දු තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස ශ්රී ලංකා කණ්ඩායම 09 වැනි වරටත් අවසන් මහා තරගයට අද (08දා) සුදුසුකම් ලබාගත්තේය. ඒ හොංකොං දේශය සමග අවසන් පූර්ව තරගය ලකුණු 55-46ක් ලෙස ජයගනිමිනි.
ඒ අනුව හෙට (09දා) අවසන් මහා තරගය ශ්රී ලංකාව සහ සිංගප්පූරුව අතර ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමග ලබන වසරේ එංගලන්තයේ ලිවර්පූල්හිදී පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත්තේය.
එමෙන්ම අනෙක් අවසන් පූර්ව තරගයෙන් මැලේසියාව ලකුණු 51-43ක් වශයෙන් පරදවමින් සත්කාරක සිංගප්පූරුව දැල්පන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත්තේය.




