වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට අද (31දා) දින දහවල් පියවර ගෙන තිබුණි .
ඔහු තම අවසන් පියාසැරිය සදහා තම පුත් රහල් කුමාරසිංහ මහතා සහායක ගුවන් නියමුවා ලෙස සහභාගී කර ගෙන තිබීම විශේෂත්වයකි .
ඔවුන් විසින් ඉන්දියාවේ මදුරෙයි නුවර සිට 03/31 දින දහවල් 11.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 138 දරන ගුවන් යානය, සිය අවසන් පියාසැරිය ලෙස පදවා ගෙන පැමිණ තිබුණි.
මෙම ගුවන් යානය ගුවන් තොටුපළ ධාවන පථයේ දී " ජල ආචාරයක් " පවත්වා පිළිගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙන්ම කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් ද පියවර ගෙන තිබුණි .
1979 වසරේ දී සහකාර මෙහෙයුම් නිලධාරීවරයෙකු සේවයට එක් වී ඇති උත්පල කුමාරසිංහ මහතා වසර 44 ක සේවා කාළයකින් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වශයෙන් සේවයෙන් සමු ගැනීම සිදු කෙරුණි.





