2020-2021 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකූලව හෙට (29දා) උඳුවහ් පොහෝ දිනයෙන් ආරම්භ කිරිම සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූහ.
ශ්‍රී පාද අවාරයේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රත්නපුර රජමාවත ඔස්සෙත් වැඩම කිරිම අද (28දා) දින උදෑසන ආරම්භ කරනු ලැබීය.
එසේ වැඩම කළ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් විසින් ශ්‍රී පාද උඩ මළුව දක්වා දින වැඩම කිරිම ආරම්භ කරනු ලැබීය.
හෙට (29) දින අලුයම උඳුවප් පොහෝ දිනයේ සුභ නැකතින් චාරිත්රනුකුලව ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කරන බවත්, නිරෝධායන නිති වලට ප්‍රමුඛතාවය ලබා දි ශ්‍රී පාද උඩ මළුවේ සිමිත පිරිසක් පමණක් සහභාගි කරවා ගනිමින් ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති හිමියෝ පැවැසූහ.





