මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2021/2022) අද (18) දා උඳුවප් පුන් පෝය දිනයෙන් ආරම්භ විය. පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සමන් දේවාලයේ අවාර සමයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේව ආභරණ හා පූජා භාණ්ඩ රැගත් විශේෂ රිය පෙරහැරවල් 04 ක් ඊයේ (17) දා අළුයම 05.20 ට ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයෙන් සුබ නැකත් අනුව ගමන ඇරඹුවේ හැටන්, බලංගොඩ, එරත්න හා කුරුවිට මාර්ග වලිනි.
හැටන් හා බලංගොඩ මාර්ග වලින් ගම්න් ගත් විශේෂ පෙරහැරවල් අද (18) අළුයම 01.45 ට පමණ නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත ළඟා විය. එහිදී සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ප්‍රදේශවාසී බෞද්ධ හා හින්දු බැතිමතුන්ගේ පූජෝපාහරයට ලක් විය. අළුයම 02.15 ට පමණ නල්ලතන්නිය, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ හා පූජා භාණ්ඩ විශේෂ රන්සිවිගෙයක සිඳුවා ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානයේ සිට ශ්‍රීපාද උඩමළුව දක්වා වැඩම කිරීම සිදු කරනු ලැබුවේ වෙනත් වසරවලදී මෙන්ම ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරින්ගේ සහායෙන් පංචතූර්ය නාඳය මධ්‍යයේය.
අද (18) අළුයම යෙදුන සුභ නැකත් අනුව ශ්රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කලපති, සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මධින්න නායක හිමියන්ගේ ප්‍රධානතවයෙන් උන්වහන්සේගේ උපදෙස් හා අනුශාසනා මධ්‍යයේ මහා සංඟරත්නය සෙත් පිරිත් සඥඥායනා කරමින් ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කිරීම සිදු කෙරිණි. අනතුරුව බැතිමතුන්ගේ සාඳුනඳ මධ්‍යයේ ප්‍රථම ශ්‍රීපාද පුෂ්ප පූජාව පැවැත්විණි.
ශ්‍රීපාද උඩ මළුව වෙත පැමිණ සිටි ප්‍රථම ශ්‍රීපාද වන්දනා නඬයේ සාඳුනඳ මධ්‍යයේ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද උඩ මළුවේ පිහිටි සමන්දේවාලයේ තැන්පත් කිරිම සුභ නැකත් අනුව සිදු කෙරීමෙන් අනතුරුව මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ විය.
මෙවර සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය, දේවාභරණ හා පූජා භාණ්ඩ ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කිරිමේදී සෑම නඟරයකදීම ආගම් භේදයකින් තොරව පූජෝපහාර දැක්වීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක




