දිවයිනට පැමිණ සිටින මාලදිවයන් ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් මහතා සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්රහිම් මොහොමඩ් සොලිහ් මැතිතුමා, ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
හමුදා උත්තමාචාර ද පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.
රාජ්ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි .





