2021-2022 වර්ෂය සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය අද (17දා) දින අලුයමින් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති , පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසිය.
ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමත් සමග ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කළ සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව සහ දේව ආභරණ අද (17දා) උදැසන යෙදුණු සුභ නැකතට අනුව ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වාත් තවත් පෙරහැරක් ශ්‍රි පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කිරිම සිදු කෙරිණ.
යුද හමුදා භට පිරිස් විසින් පෙරහැරවල් චාරිත්‍රානුකුලව වැඩම කරවු අතර නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කරවු පෙරහැර නල්ලතන්නියේ බෞද්ධ මධ්‍යස්ථානයේ සිට නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ හරහා සහ නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර හරහා පෙරහැරවල් දෙකක් මගින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවනු ලැබුහ.
එසේ මාර්ග තුනක් ඔස්සේ වැඩම කරවන සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව සහ දේව ආභරණ අද (17දා) පස්වරුවේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ පැවැත් වු විශේෂ ආගමික වතාවන් සහ චාරිත්‍ර ගණනාවකින් පසුව ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එම විහාරස්ථානයේ තැන්පත් කර තබන බව ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පැවසීය.



