පොලොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානයේ වෙඩි වැදී තුවාල ලබා සැරි සරමින් සිටි වන අලි පැටවෙකුට ප්‍රතිකාර සිදු කිරීම ඊයේ (13 දා) සවස් වරුවේදී සිදු කෙරුණි.
ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වන ජීවී නිලධාරීන් මෙසේ ප්‍රතිකාර සිදු කළ අතර වන අලි පැටවාගේ ඉදිරි වම පාදයට හා කොන්දට වෙඩි වැදී ඇතයි ප්‍රතිකාර සිදු කරනු ලැබූ ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය සමීර කලිගු ආරච්චි මහතා සඳහන් කර සිටියේය.
උස අඩි 06 පමණ වන වන අලි පැටවාට ප්‍රතිකාර සිදු කළ අයුරු මෙසේ අප කැමරාවේ සටහන් විය.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්




