ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
කොරෝනා වෛරසය පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට සිය රට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් වෙත භාරදීම වෙනුවෙන් හමුවක් ඊයේ (14) පස්වරුවේ යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
සති දෙකකට පෙර වූහාන් සිට විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපළට පැමිණි සිසුහු විශේෂ බස් රථයකින් දියතලාව යුධ හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලැබූහ. දින 14ක නිරෝධායන කාලය අවසන නිරෝගී බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුහු දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටත් වූහ.
සිසුන් ආරක්ෂාකාරීව සිය රටට ගෙන ඒමට දායක වූවන් ඇගැයීම ද මෙම හමුවේ දී සිදු කෙරිණ. ජීවිත අවදානම නොතකා කැපවූ සියලුදෙනා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් යුද හමුදාපතිවරයාගේ ඇගයීමට ලක් විය.
ලෝකයේ දියුණු රටවලට ආදර්ශයක් වෙමින් කළ මෙහෙයුම ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයක් බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි නායකත්වය ඊට ඉවහල් වූ බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
ඊට දායක වූ සියලු ආයතන වෙත ද ස්තූතිය පුද කෙරිණි.
සිය අදහස් දැක්වූ සිසුන් කියා සිටියේ ආපදා අවස්ථාවේ දී තමන් තනි නොකර රටවැසියන් වෙනුවෙන් වගකීම් ඉටුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කෘතඥතාව පළ කරන බවයි.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd