කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ එන්නතකරණ වැඩසටහන් වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සදහා බස්නාහිර පලාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෝහල් වෙතින් අද (ජූලි 15) දින එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ උපදෙස් ප්‍රකාරව, කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භට පිරිස් විසින් එන්නතකරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
අද දින (ජූලි 15) විහාරමහාදේවී උද්‍යනයේ පිහිටි යුද්ධ හමුදා ප්‍රජා එන්නතකරණ මධ්‍යස්ථානයේදී බස්නාහිර පලාත තුල පදිංචි වසය අවුරුදු 30 වැඩි පුද්ගලයින් හට එන්නතකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.




