Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා
2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා
වත්මන් ආණ්ඩුව විකුණන රාජ්‍ය සම්පත් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (02දා) පැවසීය.
යම් රටක් ශ්‍රී ලංකාව සතු දේපොළ මිලදී ගෙන තිබුණහොත් ඊළඟට පත්වන ආණ්ඩුවට ඒවා යළිත් පවරා ගැනීමට සිදුවන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වීමට කාලය පැමිණ තිබෙන බවත්, අද ආරම්භ කළ ජනබල මෙහෙයුම ආණ්ඩුව පළවා හරිනතුරු ඉදිරියට ගෙන යන බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් කෙළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේ සංවිධානය කර තිබූ ජනබල සේනා විරෝධතා රැලියට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.
අරලියගහ මන්දිරයට ඇමතිවරුන් හා නීතිපතිවරයා ගෙන්වා විශේෂ අධිකරණ පත්කිරීමට නියමිත බවත්,එහිදී ඇමතිවරුන් නම් කරන පුද්ගලයන්ට දඬුවම්දීම හැර වෙනත් කාර්යයක් අගවිනිසුරුවරයාට ඉතිරි නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව වසර තුනක් තිස්සේ තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට නඩුදැමීම පමණක් සිදුකළ බවත්,මහබැංකු වංචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන්ගේ දරුවෙකුගේ විවාහ මංගල්‍යයකට රටේ නායකයෙකු ගොස් තිබෙන බවත් රාජපක්ෂ මහතා පැවසීය.
හමුදාවට පොලිස් බලය ලබාදී රට හමුදාකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්,එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධව කල්පනා කර බැලිය යුතු බවත් හෙතෙම පැවසීය.
ලිප්ටන් වටරවුමේ සිට විරෝධතා පාගමනින් පිරිස විහාරමහාදේවී එළිමහන් රංග පීඨයට පැමිණීමෙන් පසු රැලිය පැවැත්විණි.
ඡායාරූප-ඒශාන් ප්‍රනාන්දු
popular news
Hector Thursday, 02 August 2018 11:24 PM
දැන් නම් කෙලෙවෙලා වගේ. සෙනග 2000ක් වත් නැ වගේ. මහින්දට කොහෙන්ද නිතිය ගැන කතාකරන්න ඓතියක්?
Reply : 149 145
Champa Friday, 03 August 2018 04:41 PM
අපෝ, දවස් දෙකකට කලින් මාධ්‍ය හමුවකින් පවත්වන විරෝධය ගැන කියලා, එක දවසකට කලින් පත්‍රිකා බෙදල, කට්ට අව්වේ දවල් 2 ට 3 ට මේකට මෙච්චර සෙනගක් කොළොඹ මෙතනට ගෙන්වා ගත්ත එක හොඳටම ඇති.
Reply : 3 1
Champa Friday, 03 August 2018 09:05 AM
දනන් උදහසට ලක් වූ ආණ්ඩුව - දෙකෙන් මොහොකටත් නැති මේ පාණ්ඩුව........................................................... රටයි ජාතියයි විකුණන හෝන්තුව - ගෙදර යවන එක ජනතා තීන්දුව...................................................................... විකුනූ සියලු දේ ආපිට ගන්න බව - සැනසුම දෙවයි ඔබ මේ දෙන පොරොන්දුව........................................................ අල්ලා දෑත .... ගන්නට හිතයි මට - මව්බිම බබලවන ජන හද දිනූ රුව!...................................................................
Reply : 328 25
Hemantha Friday, 03 August 2018 11:34 AM
දූසිතයෝ ටික ඔක්කොම මේ වේදිකාවේ ඉන්නවා, කොහෙටද පලවා හරින්නේ?
Reply : 1 2
raawana Friday, 03 August 2018 12:47 PM
හැම කාලෙම එතනින් තමයි සිද්ද උනේ.අපි මැරිලා ඉපදිලා නැහැ. අහෝ තජුදීන් නොදුටු ලෝකය.
Reply : 1 2
Ruwan Friday, 03 August 2018 01:14 PM
දන්නේ නැති නිසා අහන්නේ මහින්ද මහත්තයෝ, එතකොට ටෙලෙකොම් එක, යාළුවගේ ලංකා ලෝහ එක, ආපහු ගන්නත් ශාන්ග්රිල්ල එකට සින්නක්කර ලියපු අක්කර 3.5 ත් ආපහු ගන්න මතක තියා ගන්න. ඔබ තුමාට අමතක වෙන ලෙඩේ හැදෙන්න ඉස්සර පොතකවත් ලියල තියාගන්න. මොකද මිනිස්සු මෝඩයි කියලනේ ඔහ සසෙක්ස් පිට්ටනි බේරුවලදී ගිලපු වාහන සහ ගෙවල් ගිලපු විමල් රුපවාහිනී ගිලපු නාමල් වගේ පිරිස හිතාගෙන ඉන්නේ.
Reply : 8 6
Champa Friday, 03 August 2018 06:30 PM
මම දැක්ක සමාජ ජාල වල කියලා තියෙනව බැසිල් නැතුව ඒකාබද්ධ විපක්ෂේ මේ රැලියට සෙනඟ නැහැ කියලා. බැසිල් මිනිස්සු ගේන්නේ මහින්දගේ මිනිස්සු හරහා සංවිධානය කරලා, සල්ලි වීසි කරලා, ඔක්කොටම වඩා මහින්දගේ නම විකුණලා. මහින්දගේ නම නැතුව බැසිල්ට සෙනඟ නැහැ. මේ විරෝධයට ඒකාබද්ධ විපක්ෂේ හැමෝම contribute කලෙත් නැහැ. මුලින් විමල්ලා කිව්වේ කොළොඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සංවිධානය කරනවා කරලා. විශේෂම දේ තමයි මේක සංවිධානය කරන කොට කොහෙවත් තැනක කිව්වේ නැහැ මහින්ද එනවා කියලා. මහින්දගේ පින්තූරයක්වත් දැම්මේ නැහැ. මේ සෙනඟ ආවේ මහින්ද ගැන මුකුත් නොකිය කොළොඹ දිස්ත්‍රික්කයෙන් විතරයි. ඒත් හැමෝම ආවේත් නැහැ. උදාහරණයක් විදියට මම විමල්ට කොච්චර support කලත් ඔය කට්ට අව්වේ ලිප්ටන් වටරවුමට කීයටවත් එන්නේ නැහැ. අනිත් එක මම නම් දැනගෙන හිටියෙත් නැහැ මහින්ද එනව කියලත්. 2015 මහින්ද සුළඟ පලවෙනි රැස්වීම් තුනට විමල් මිනිස්සුන්ව ගෙනාවේ සංවිධානය කරලා නෙමෙයි. මිනිස්සු ආවේ ස්වේච්චාවෙන්. බැසිල් ඒ කාලේ පළාතක හිටියෙත් නැහැ. 2016 විමල්ල කරපු පාද යාත්‍රාවට බැසිල් හිටියේ නැහැ. ඒකටත් මිනිස්සු ආවේ ස්වේච්චාවෙන්.
Reply : 1 0
Champa Friday, 03 August 2018 07:12 PM
කලින් කියන්න ඉඩ තිබුනේ නැහැ. 2015 විමල් නොහිටින්න UPFA එකට ඔච්චර seat හම්බ වෙන්නේ නැහැ. මහින්ද පැරදුනහම විමලුත් බැසිල් වගේ දාල පැනල දිව්වා නම් හරි, ගෝඨාභය වගේ පැත්තකට වෙලා හිටිය නම් හරි, 2015 හැදෙන්නේ තනිකරම UNP 5/6ක පාර්ලිමේන්තුවක්. එහෙනම් විධායක ජනාධිපතිවත් ගෙදර යවල. කිසි දවසක UNP ආණ්ඩුව හොල්ලන්න හම්බවෙන්නේත් නැහැ. එහෙනම් රටත් බෙදල. හමුදාවත් යුධඅපරාධ වලට හිරේ යවල. රාජපක්ෂලත් හිරේ. මහින්ද පැරදුනහම ඔක්කොම එපා වෙලා නොකා නොබී අඬඅඬ හිටපු මාත් ඇතුළු මිනිස්සුන්ට පණ දීල, මහින්ද වෙනුවෙන්, රට වෙනුවෙන් නැගිට්ටවල ගත්තේ විමල්. විමල්ට මෙච්චර ආදරේ ඒකයි. විමල්ට කෙනෙහිලිකම් කරන මිනිස්සුන්ට ඒවා අමතක වෙලා. විමල් කිව්වට ලක්ෂ 58යි 62යි එකතු වෙලා කියලා ආණ්ඩුවට පුළුවන් ප්‍රයෝගිකව වෙන චිත්‍රයක් දෙන්න. මතක තියගන්න ඕනේ වැදගත්ම දේ අනිත් පැත්තේ ඉන්නේ ප්රජාතන්ත්රවාදී මින්ස්සු නෙමෙයි හොර චන්ද කප්පිත්තෝ කියලා. වීසි කරන්න සල්ලි තියෙනව කියලා. විමල්ට ගහන්න ගිහින් අන්තිමට වෙන්නේ පරදින එක. මම මහින්දට හුඟක් ආදරෙයි. බැසිල් නැතිවුනාට මහින්දට චන්ද අඩු වෙන්නේ නැහැ. හැබැයි විමල්ව වැට්ටුවොත් ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්
Reply : 2 0
Champa Saturday, 04 August 2018 05:43 PM
PERSONAL TO EDITOR I sent some more comments to this. But I think you should NOT publish them. Just this one comment is enough. I think my other comments are too harsh. I was angry. So please don’t publish them. I hope you would listen to my request.
Reply : 1 0
Raawana Saturday, 04 August 2018 09:15 PM
ඕව ඉතින් අලුත් දේවල් නෙවි. ජනවාරි 8 වෙනිදා අග විනිසුරු හිටියෙත් ඕක ඇතුලෙනේ.
Reply : 1 4
Champa Sunday, 05 August 2018 12:18 AM
See, you have already published them despite my request. Never mind. It has done some justice to Wimal too.
Reply : 0 0
HARI Sunday, 05 August 2018 02:33 PM
හොරු ඔක්කොම ටික වේදිකාවේ ඉන්නේ කෙහ්ලිය, විමල් , වසු,,ජිල් අයි බයද
Reply : 1 1
rocky Monday, 06 August 2018 11:58 AM
දැන් කතා කරන්නේ සුදනා වගේ නේද? අම්මප .. මොකෙන්ද ඔය කතා කරන්නේ? වටේටම ඉන්නේ හොරු!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd