විධායක සේවා නිලධාරීන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතා විසඳන බවට විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොරොන්දු වූ බව විධායක සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
එහෙත් අද (04දා) උදේ 08.00 සිට ක්‍රියාත්මක වැඩ වර්ජනය හෙට (05දා) උදේ 08.00 දක්වා ක්‍රියාත්මක කරන බවද එම සංගමයේ සභාපති නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
විධායක සේවා නිලධාරීන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද දින විධායක සේවා නිලධාරීන් ලෙඩ නිවාඩු දැම්මේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙන අතර මීට අමතරව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටත් කටයුතු කළහ.
ඡායාරූප - ඒ්ෂාන් ප්‍රනාන්දු




