විධායක සේවාවල පවතින වැටුප් විෂමතා සති දෙකක් තුළ විසඳන බවට ජනාධිපති ලේකම්වරයා අද (11) පොරොන්දු වූ බව විධායක සේවාවල ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කරයි.
අධිකරණ සේවාවල නිරත පිරිස්වලට සීයට තුන්සීයකින් වැටුප් වැඩිකිරීම නිසා වැටුප් විෂමතාවයකින් ඇතිවී තිබෙන බව එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
අදාළ වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් විසඳන ලෙස ඉල්ලා රජයේ විධායක සේවාවල වෘත්තිය සමිති 19 ක් අද කොටුව දුම්රිය සමිති 19 ක් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කලේය.
පසුව විරෝධතා කරුවන් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගමන් කළ අතර ලෝටස් පාරේදී මාර්ග බාධක යොදා පාගමන නැවැත්වීමට පොලිසිය කටයුතු කලේය.
ඉන් පසුව නියෝජිතයින් 05 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට අවසර ලබාදුන්නේය. එම සාකච්ඡාවලදී මෙම පොරොන්දුව ලබාදුන් බවද පවසා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා









