ජුලි 05 වැනිදා සිට විදුලිබල මණ්ඩල විධායක නොවන සේවකයන්ගේ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
සකස් කර තිබෙන වැටුප් කමිටු වාර්තාව එළි දක්වන ලෙස සහ අසාධාරණ ලෙස වැඩ තහනම් කළ විදුලිබල මණ්ඩල සේවකයන් 06 දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩල සේවකයෝ අද (20දා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාව පැවැති අතර, අදාළ ගැටලුවලට විසඳුම් නොලැබුණොත් ජූලි 05 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවද එම සංගමයේ කැඳවුම්කරු රංජිත් ජයලාල් මහතා සඳහන් කළේය.
වැටුප් කමිටු වාර්තාව පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර එළි දැක්වීමට තිබූ බවත්, අසාධාරණ ලෙස වැඩ තහනම් කළ වෘත්තීය සමිති නායකයන් මේ වසරේ මාර්තු මාසයේදී සේවයේ පිහිටු වන බවට විෂයභාර අමාත්‍යවරයා පොරොන්දු ලබා දී තිබූ බවත් විරෝධතාවේ නිරත සේවකයෝ සඳහන් කළහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා








