මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ, කැනියොන් , ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු (11) දින උදැසන සිට විවෘත කර ඇති බවත්, නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක්,කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් , ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් මෙසේ විවෘත කර ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
කාසල්රි ජලාශයේද ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්,ජලාශ වල ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය , විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදන උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජින්රුවන් පැවසිය.











