ඌව පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්රදේශවලට යළිත් වැසි ඇද වැටීමට පටන්ගෙන තිබේ.වැසි ඇද වැටීමත් සමගම මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටින්නේ මෙරට ගොවි ජනතාවය.
විශේෂයෙන්ම මේ දිනවල මහියංගණය, මීගහකිවුල, රිදීමාලියක්ද ,කන්දකැටිය, සොරනාතොට ආදී ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙන්ම මහවැලි කලාපවලද මහ කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ වී ඇති අතර ඇදහැලෙන මහ වැසි හේතුවෙන් වී අස්වනු වලට විශාල හාණීයක් සිදුවෙමින් පවතින බව එම ප්රදේශවල ගොවි ජනතාව පවසති.
කරලින් බරවූ ගොයම් ගස් වැසි සහ සුළං හේතුවෙන් කඩා වැටී මඩට යටවීම හේතුවෙන් අස්වනු නෙලා ගත නොහැකිවීම මෙන්ම කපන ලද ගොයම් වී බවට පත්කර ගැනීමට නොහැකිව ආවරණ වලින් වසා තැබීමට සිදුවීමෙන් වී අස්වනු තැවීමට ලක්වීම ප්රධානතම ගැටලුවක් බවට පත්ව ඇති බව ගොවීහු පෙන්වා දෙති.මේ තත්වය මත අස්වනු මිලදීගන්නා වෙළෙඳුන් තම අස්වනු මිලදී ගැනීම ප්රතික්ෂේප කරතැ යිද ඔවුන් පෙන්වා දෙයි.
එන් කේ නිශ්ශංක මීගහකිවුල




