ගුරු විදුහල්පති ගැටළු විසදන ලෙස ඉල්ලා අද (13දා) දින සිදුකළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අති සාර්ථික වූ බව ගුරුවිදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරති.
පාසල්වලින් 95%ක් අද දිනයේදී වසා දැමීමට සිදුවූ බවත්, ඉතිරි 5% ක ප්‍රමාණය පවා පවත්වාගෙන ගියේ අඩු ගුරුවරු සංඛ්‍යාවකින් බවද ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.
කොළඹ කොටුව දුම්රියපොළ ඇතුළුව ස්ථාන 21කදී විරෝධතා ව්‍යාපාර පැවැත්වූ බවද ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
ගුරු විදුහල්පතිවරුන්ගේ ශක්තිය දැන්වත් බලධාරීන් තේරුම්ගත යුතු බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
උසස්වීම් ගැටළු වැටුප් විශමතා විසඳන ලෙස හා අධ්‍යාපනයට 6%ක් වෙන් කරන ලෙස හා තවත් ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය සිදුකරනු ලැබිණි.
ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු




