අත්තනෝමතික ආකාරයට වසා දමා ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් අද (21දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් විරෝධතා ව්‍යාපාරයක් හා පාගමනක් පවත්වන ලදී.
මෙම විරෝධතා පාගමන කොළඹ සෞන්දර්යය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා සිදු කෙරැණු අතර, අනතුරැව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු කෙරිණි.
එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරැ වන මහිල් බණ්ඩාර මහතා සඳහන් කළේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය කිරීමට ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග දියත් කරමින් තිබෙන බවයි.
මෙම ක්රියාමාර්ගයන්හි එක් පියවරක් ලෙස රැහුණු විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
සම සෞඛ්‍ය පීඨය විවෘත කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙන බවත්, එය ආරම්භ කර හෙට (22දා) දිනට දවස් 29ක් ගතවී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු







