ගල්කිස්ස මහ හෝටලයේදී නිමාව දුටු ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී වසරේදී විශිෂ්ඨතම සිංහල මාධ්‍ය ක්‍රීඩා මාධ්‍යවේදියාට හිමි සම්මානය අද පුවත්පතේ ජන මාධ්‍යවේදී පැතුම් ශ්‍රී විජේරත්න මහතා විසින් හිමිකර ගනු ලැබීය.
මේ අතර වසරේ විශිෂ්ඨතම සිංහල වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය www.ada.lk වෙබ් අඩවියට හිමිවිය.
ශ්‍රී ලංකා කර්තෘ සංසදය 20 වැනි වතාවටත් මෙම සම්මාන උලෙළ සංවිධානය කරනු ලැබීය.
එසේම මෙහිදී වසර 40කට අධික කාලයක් ජනමාධ්‍ය වෘත්තියේ නියැලෙමින් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස්දෙනකුට ඔවුන් විසින් ලද සේවාව උදෙසා රන් සම්මාන පහක්ද පිරිනැමීය.
ඩඩ්ලිජෑන්ස්, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ඒ. එල්. කේ. පෙරේරා, කේ. එම්. එල්. බී. සේනාරත්න, සහ ගෝපාලපිල්ලෙයි තිරුකේතරනතන් යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් එම සම්මානයෙන් පිදුම් ලැබීය.
තොරතුරු දැනගැනීමේ පනත යොදාගනිමින් සිදු කළ හොඳම වාර්තාකරණය සඳහා වන සම්මානය දිනපතා ලංකාදීප පුවත්පත වෙනුවෙන් බිගුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන හිමිකරගත් අතර වසරේ උණුසුම් පුවතට හිමි සම්මානය තරිඳු ජයවර්ධන හිමිකර ගත්තේය.
වසරේ හොඳම පිටුසැකසුම සිංහල මාධ්‍ය සම්මාන දේශය පුවත්පතට හිමිවිය.










