අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවිම් සේවා කටයුතු සඳහා පෙරේදා (10) රාත්‍රියේ සිට නැවතත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පැවසීය.
ඉකුත් රජයේ සමයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ යුක්තියේ මෙහෙයුමත් සමග ආරක්ෂක අමාත්‍යාංශය මගින් මීට වසරකට පමණ ඉහතදී එම කටයුතු වලින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඉවත්කර රක්නා සමාගමේ ආරක්ෂක නිලධාරීන් වෙත පැවරිණි.
මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය , දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව කොළඹ පිටත වටරවුම් මාර්ගය, නව කැලණි පාලම හා සහ කොළඹ කටුනායක මාර්ගයන් හි වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 100 කට අධික ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට යෙදවීමටත් ඊට අමතරව මේ වන විට විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ කටුනායක මාර්ගය නව කැලණි පාලම ,කොළඹ පිටත වටරවුම් මාර්ගය හි විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපළ සොරා ගැනීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඒවා ආරක්ෂා කිරීම සඳහා 20 දෙනෙකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද යෙදවීමටද නියමිතය.
එම රාජකාරී සඳහා පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තම රාජකාරි ආරම්භ කිරීමට පෙර ගිනි නිවිම් රථ සහ අනෙකුත් සේවා කටයුතු සඳහා නියමිත ගිලන් රථ පරීක්ෂා කිරීම ඊයේ රාත්‍රීයේම සිදු කළහ


