වරකාපොල නගරයේ අද අලුයම සිමෙන්ත් ප්‍රවාහනය කරන ට්‍රක් රථයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටයරය පුපරා යාමෙන් එහි රියදුරුට වාහනය පාලනය කර ගැනිමට නොහැකිවි ඇති අතර පසුව එය නගරයේ ඇති කඩ සාප්පු කිහිපයකටද හානි සිදුකරමින් මාර්ගයේ පෙරළී ගොස් තිබේ.
අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් වන අතර ඔහුගෙ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැත.
අද අලුයම 4.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.
දමිත් වාසල/වරකාපොල රංගන රුවන්







