ඊයේ පටන් වරකාපොලට නොකඩවා ඇඳ හැලෙන වර්ෂාව හමුවේ වරකාපොල, මෙනේරිපිටිය නිවසක් මතට පස් කන්දක් නාය යාමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
එහි සුන්බුන් අතර සිරවි සිටි තිදෙනෙකු ප්ර දේශවාසීන් විසින් අද අලුයම් කාලයේදී බේරා ගෙන වරකාපොල රෝහලට ඇතුළත් කරනු ලැබිය.
නිවසේ සිව් දෙනෙකු සිට ඇති අතර මව මුලින්ම සුන් බුන් අතරින් පිටතට විසින් අසල්වාසීන් දැනුවත් කර පියා, දියණිය හා දියණියගේ යෙහෙළියක් බේරා ගැනීමට සමත්ව තිබේ.
එ ්වන විටත් වරකාපොල නගරය ජලයෙන් යටවී තිබූ හෙයින් 1990 සුව සැරිය ගිලන් රථයද ලබා ගැනිමට නොහැකි වූ අතර පසුව වරකාපොල පොලිසියේ ජිප් රථයක් පැමිණ තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරිමට පියවර ගත්තේය.
වරකාපොල රංගන රුවන්/ඡායාරූප දමිත් වාසල



