වනාතවිල්ලුවේ ගම්මාන රැසක ගොවින් ඒකාබද්ධ කරමින් ආරම්භ කල ලොකු ළුණූ වගාවේ සාර්ථක අස්වැන්නක් මෙවර ලැබෙමින් පවතින බව පුත්තලම නියෝජ්‍ය කෘෂීකර්ම අධ්යක්ෂ තරංගීකා ශාමලී මහත්මිය පවසයි.
වයඹ පළාත් කෘෂීකර්ම දේපාර්තුමේන්තුවේ හා කොෆියා ( KOPIA ) ව්‍යාපෘතිය ඒකාබද්ධව වනාතවිල්ලුවේ ගොවින් 25 දෙනෙකු එක්ව ආරම්භ කල ලොකු ළුණූ වගාව ඉතාමත් සාර්ථක අන්දමින් මේ වන විට අස්වනු නෙළමින් පවතින බව කෘෂීකර්ම දෙපාර්තුමේන්තුවේ නිළධාරින් ගොවිහු පවසති.
මේ සදහා වනාතවිල්ලුවේ ගම්මාන 10 ක ගොවින් 25 දෙනෙකු තෝරා ගෙන තිබු අතර එක් ගොවියකු සදහා අක්කර කාලක ප්‍රමානයක් ළුණූ වගාවට යොමු කර තිබේ.
ඒ සදහා ගොවින්ට උවමනා උපදෙස් හා තාක්ෂණීක දැනුම බිජ හා පොහොර ඇතුළු දෑ නොමිලේම ලබා දීමට කෘෂීකර්ම දෙපාර්තුමේන්තුව හා කොෆීයා ව්‍යාපෘතිය කටයුතු කර තිබේ.
අදාල තෝරා ගත් ගොවින් සියලු දෙනා පලමු වරට ලොකු ළුණූ වගා කිරීම ආරම්භ කර තිබිම විශේෂීතය.ලොකු ළුණූ සමග ඇතැම් ගොවින් මිරිස් ද ළුණු වගාව තුළ ආරම්භ කර ඇත්තේ අමතර ආදායමක් ලබා ගැනිමේ අරමුණීන් බව කියයි.
කෙසේ වෙතත් පලමු වරට මෙම ගොවින් ආරම්භ කල ලොකු ළුණූ වගාව ඉතාමත් සාර්ථක මට්ටමක පැවතිම තමන් නැවතත් ලොකු ළුණූ වගාව වෙත නැඹුරු කිරීමට කටයුතු කර ඇති බව ගොවින් පවසති.









