ආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුන 20 කට වැඩි වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්රමානය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි.
27 දින අලුයම කඩා වැදි ඇති මෙම වල් අලි රංචුව අක්කර 2 කට වැඩි භුමියක තිබු අස්වැන්න නෙළිමට දින කිපයක් පමනක් තිබු කොමඩු කිලෝ 3000 මෙලෙස ගිල දමා පිටව ගොස් ඇත්තේ එහි තිබු ජල නල පද්ධතිය ඇතුළු අනිකුත් දෑ වනසමින් බව මෙම ඉඩමේ හිමිකරු වන ආර්.ඩි.සුනන්ද ජයසිංහ මහතා පවසයි.
ඔහු වැඩි දුරටත් පවසා සිටියෙ "මම මේ වෙද්දි හෘද සැත්කම් දෙකකට අවස්ථා දෙකකදී මුහුණ දුන්නා.ඒ තත්වයක් තියෙද්දි තමා මේ ඉඩම කට්ටිය කුලියට දාගෙන වැඩ කරවලා ගොවිතැන් කලේ.
මමයි පුතායි ඉඩමේ ඉද්දි දැක්කා එක අලියෙක් එනවා.අපි කෑගහලා එලවා දැම්මා.ඒ එක්කම අපි ඉල්ලගෙන වගා කරන ඉඩමට ගිහින් එද්දි අලි රංචුව වගාවට පැනලා වනසනවා කරන් කිසිම දෙයක් නැහැ ටෝච් ගහලා බලද්දි අලි 20 කට වැඩි රංචුවක් හිටියා.
මේ වගාවේ පලමු අස්වැන්න එකේ කිලෝ 3000 කට වැඩියි.කොමඩු වලින් විතරක් ලක්ෂ හතරක වැඩි පාඩුවක් වෙලා.ඒ මදිවට ජල නල පද්ධතිය,පොල් පැල වනසලා එවත් ලක්ෂ 4 කට වැඩි පාඩුවක්.
දැන් කරකියා ගන්න දෙයක් නැති වෙලා.දහ දුක් විදලා වගා කලාම අලින්ට කන්න දිලා අපි බලන් ඉන්න වෙලා. මම දැන් දහ අතේ කල්පනා කරන්නේ ඉතිරි වගාවන් කර ගන්නේ කොහොමද කියලා. අලින්ගෙන් අපිට තිබෙන කරදරය දැන් අවුරුදු 10 කට වැඩියි."