අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් තුනක පදිංචි අවු 20-29 අතර වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිමඅද (25) දින හැටන් ෂැනන් දමිල මහා ජාතික පාසලේදි ආරම්භ කරනු ලැබීය.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බල ප්‍රදේශයේ පිහිටි පැන්මුර්,ෂැනන් සහ රුවන්පුර යන ග්‍රාමසේවා වසම් වල පදිංචි අවු 20-29 වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන් 2500 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිමට නියමිතය.
හැටන් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනිමට අවු 20-29 වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන් දැඩි උනන්දුවකින් දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ මෙසේ සටහන් විය.
මෙයට සමගාමිව අවු 20-29 වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන් වෙනුවෙන් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිමේ තවත් වැඩසටහනක් වටවල සිංහල මහ විද්‍යාලයේදිද (25) දින ආරම්භ කෙරිණ.




