ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කර ගැනීම සඳහා අද (23දා) රටපුරා පැවැත්වූ විරෝධතා ව්‍යාපාර පාගමන් හා තෝරාගත් වතුවල සිදුකළ වැඩ වර්ජනය අතිසාර්ථක බව ‘වතු කම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය’ සඳහන් කරයි.
ස්ථාන 27කදී විරෝධතා ව්‍යාපාර පැවැත්වූ බවත්, මේ නිසා වතු හාම්පුතුන් හා බලධාරීන් මෙම ක්‍රියාමාර්ග ගැන අවදානය යොමු කර වතු කම්කරුවාගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත්කළ යුතු බවත් එම ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
හෙට (24දා) ඒ පිළිබඳව අවසන් තීරණයක් ප්‍රකාශයට පත් නොකළහොත් ‘දාහේ ව්‍යාපාරය’ නියෝජනය කරන වෘත්තීය සමිති 30ක් එක්වී ඉදිරියට සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බවද හෙතෙම පවසා සිටියේය.
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත්කරන ලෙස ඉල්ලා ඊයේ (22දා) කොළඹදී විරෝධතා පෙළපාළියක් හා රැළියක් පැවැත්වුණු අතර, එහිදී ගෑස්පහ හන්දියෙන් ආරම්භ කළ විරෝධතා පෙළපාළිය වරාය ඉදිරිපිටින් මල්වත්ත පාර හරහා පිටකොටුව බෝගස අසල දක්වා ගමන් කළේය. අනතුරුව එම ස්ථානයේ සිට විරෝධතා ව්‍යාපාරය පවත්වනු ලැබිණි.
ඡායාරූප -ඉසුරු පෙරේරා
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
එළිමහන් සංගීත ප්‍රසංගවල සීමාවලට කොළ එලි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd