ලුණුගම්වෙහෙර නගරාසන්නයේදී අද (12දා) බස්රථ දෙකක්එකිනෙක ගැටීමෙන් මගීන් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවන වූ ලංගම බසයක් සහ අම්පාර සිටි මාතර දක්වා ගමන්ගත් පෞද්ගලික බසයක් මෙලස අනතුරට පත්ව ඇත.
අනතුරින් තුවාල ලැබූවන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසු වූවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව සහ හම්බන්තොට රෝහල්වලට මාරුකර යාවා ඇත.
සන්දිම දේවප්‍රිය


