පවතින රසායනික පොහොර හිගය, කෘමිනාශක වල් නාශක හිගය, භූමිතෙල් හා ඉන්ධන හිගය මෙන්ම එලවලු වගා කිරීම සඳහා පිරිවැය අධික වීම නිසා දඹුල්ලේ එළවළු වගාවන් මෙන්ම දේශීය ලොකු ලූණු වගාව ද විශාල වශයෙන් අඩු වී ඇතැයි ගොවීහු පවසති.
දඹුල්ල වැඩිවශයෙන් දේශීය ලොකු ලූනු වගා කරන මෙන්ම එළවළු වගාකරන දිගම්පතහ ගොවීන් රැසක් මෙවර දේශීය ලොකු ලුණු වගාව අතහැර දමා එළවළු වගාවට යොමු වුවද යෙදවුම් සහ අනෙකුත් වියදම් අධික වීම හේතුවෙන් එලළවළු වගාවන් ද විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ගොවීහු පෙන්වා දෙති.
එහි ගොවි ගම්මාන කිහිපයකට ගිය අවස්ථාවේ දී ගොවීන් කියා සිටියේ කෘමිනාශක නොමැති වීම නිසා කොළ එළවළු වර්ග සියල්ල මේ වන විට පණුවන්ගේ ග්රහනයට නතු වී ඒවා විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව ඇති බවයි.
එමෙන්ම පොහොර නොමැති වීම හේතුවෙන් අනෙකුත් බෝග වගාවන් ද තා නිසරු බවට පත්ව ගොවීන් දැඩි කළ කලකිරීමට ලක් වීම හේතුවෙන් නැවත එන කන්නයේ එළවළු වගාවෙන් ද ඉවත් වීමට සිදුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
දේශීය ලොකු ලූනු වගා කළ බොහෝ ගොවීන් පැණි කොමඩු ,මල් ගෝවා, අමුමිරිස්, බණ්ඩක්කා ,බීට්රූට් ,ගෝවා වැනි වෙනත් වගාවන් ඉතා අඩු වශයෙන් වගා කළ ද එම භෝගයන් වල ද නිෂ්පාදනය ඉතාම අඩු වීම්, කුඩා කාලයේම මෙම බෝග විවිධ ලෙඩ රෝග වලට නතු වී විනාශ වී යන බව ගොවීහු පෙන්වා දෙති.
මෙම ගොවීන් වැඩි දුරටත් කියා සිටියේ පොහොර මිටියක් රුපියල් 35,000 ත් 40000 ක් දක්වා ඉහළ මිල ගණන් යටතේ අලෙවි වනි බවත් කම්කරු කුලිය සීසෑම සඳහා යන වියදම එළවළු වගාවට වතුර යෙදීම සඳහා ඉන්ධන නොමැති වීම පළිබෝධ නාශක කෘමි නාශක ආදී යෙදවුම් මිල සියයට 400කින් 500 කින් පමණ ඉහළ යෑම නිසා එලවලු වගාව අත්හැර දැමීමට සිදුවී තිබෙන බවයි.








