මහනුවර දිගන ප්‍රදේශයේ එළවළු තොග ව්‍යාපාරයක් පවත්වාගෙන යන මඩවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් රුපියල් ලක්ෂ 15 කට වඩා වටිනාකමකින් යුත් එළවළු පාර්සල් 5000 ක් කොවිඩ් නිසා පීඩාවට පත් ජනතාව වෙත නොමිලයේ බෙදා දීම ඊයේ (02දා) මඩවල නගරයේදී සිදු කලේය.
එළවළු තොග ව්‍යාපාරිකයෙකු වන කේ නසිර්කාන් මහතා විසින් මෙලෙස නොමිළයේ එළවළු පාර්සල් බෙදා දෙනු ලැබූ අතර ජනතාව විශාල ශයෙන් එක්රැස්වී මෙම එළවළු පාර්සල් ලබා ගැනීම දක්නට ලැබිණ. එළවළු කිලෝ 30,000 ක පමණ මෙලෙස බෙදා දීමට කටයුතු කර තිබිණ.
මොහොමඩ් ආශික්




