ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය සාර්ථක ව උතුරු කොළඹ (ශික්ෂණ) රෝහලේ (රාගම) දී නිම කිරීමට හැකි වු බව අක්මාව හා අග්න්‍යාශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රෝහාන් සිරිවර්ධන මහතා පවසා සිටියේය.
යාපනය මුලායි ප්‍රදේශයේ පදිංචි එස්. කිෂාණු (9) හැවිරිදි දියණිය ට ඇයගේ මව විසින් ලබා දුන් අග්න්‍යාශ කොටසක් සාර්ථකව මෙලෙස බද්ධ කිරීමෙන් පසු කිෂාණු ඉතා හොඳ ශරීර සෞඛයෙන් සිටින බව මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියහ.
රාගම වෛද්‍ය පිඨය හා උතුරු කොළඹ ශික්ෂණ රෝහල ඒකාබද්ධ ව 2011 දී ආරම්භ කරණු ලැබූ අක්මා බද්ධ ශෛල්‍ය ඒකකය තුළ මේ වනවිට සාර්ථක ආක්මා බද්ධ 50 ක් සිදු කර තිබෙන බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යෂක වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පවසා සිටියහ.
මවගේ අක්මාවෙන් 35% ක කොටසක් කිෂුණු දියණිය ට ලබා දී ඇති අතර මෙවැනි ආකාරයේ අක්මා බද්ධයක් අප ඉන්දියාවේ රෝහලක සිදු කිරීමට රුපියල් මිලියන 10 ක පමණ මුදලක් වැය කිරීමට සිදු වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මෙරන්ති ප්‍රනාන්දු මහත්මිය පවසා සිටියාය. ලංකාවේ දී මෙම ශල්‍යකර්මය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කිරීමට හැකි වීම ගැන සතුටු වන බවද ඇය පැවැසීය.
ප්‍රසංග පෙරේරා



