ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
සමස්ත ලංකා හෙද සංගමය ඇතුළු හෙද වෘත්තීය සමිති අද දින ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකා ජාතික රෝහල් ඇතුළු දිවයිනේ සියලු රෝහල්හි මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ. එම ක්‍රියාමාර්ගය සඳහා සියලුම හෙද හෙදියන් සම්බන්ධව සටී.
හෙද සේවාවේ නොවිසඳුණු ගැටළු 09ක් මුල් කර ගනමින් හා ඉතා බරපතල වෙමින් ජනතාව පීඩාවට පත්කරමින් තිබෙන කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා නිවැරදි විද්‍යාත්මක වැඩපිළිවෙලක් තුල ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ඒ අනුව හෙද කාර්ය මණ්ඩලයට මුහුණපෑමට සිදුව තිබෙන එම ගැටළු විසඳීම සඳහා වහා කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගේන් ඔවුන් ඉල්ලා සිටියි. ක්‍රියාමාර්ගය ජුලි 02 එනම් හෙට දිනයේද ක්‍රියාත්මකවීමට නියමිතය.
ඡායාරූප නිමල් සිරි එදිරිසිංහ
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
වී අලෙවි මණ්ඩලයට ගොවීන් සුළු වශයෙන් වී දෙනවා
ඒ.එම්.ඒ. කුමාර Thursday, 01 July 2021 05:24 PM
මේ රටේ අන්ත අසරණ යාචකයෙක් තම කුසගින්න නිවාගැනීමට මිළදී ගන්නා පාන් කෑල්ලෙනුත් රජයට බද්දක් අයවේ. වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් මෙන්ම මේ රටේ ජීවත්වන අප සැවොම අධ්‍යාපනය ලැබුයේ එම බදු මුදල් වලිනි. අපට වැටුප් ගෙවනුයේද එම බදු මුදල් වලිනි. අපේ දරුවන් ඉගෙන ගන්නේද එම බදු මුදල් වලින් වන අතර පවුල් නඩත්තු කරනුයේද එම බදු මුදල් වලින් ලැබෙන වැටුපෙනි. තම බදු මුදලින් අප මෙන්ම මෙන්ම අපගේ දරුපවුල් නඩත්තු කරන අහිංසක ජනතාව දුකට පත්වී සිටින මෙවැනි වක වානුවක වර්ජන කරමින් එම ජනතාව පීඩනයට පත්කරන්නන් හැදින්වීමට සුදුසු වචනය කුමක්දැයි මට නොවැටහේ. මෙලෙස මෙවැනි කාලයක වර්ජනය කරමින් හා කරවමින් ජනතාව පීඩනයට පත්කරන්නන් හට ජනතාව විසින් නිසි පිළිතුරු දෙන දිනය වැඩි ඈතක නොවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd