රූබික් කියුබ් 1200 ක් භාවිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කොට " චෝලන් " ලෝක වාර්තාවක් තැබීමට වයස අවුරුදු 11දරුවෙකු සමත්විය.
කොළඹ රාජකීය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.ඩී.සස්නුල සෙහන්ස ලක්මාල් නමැති දරුවා විසින් අගල් 91 × අගල් 68 ප්‍රමාණයේ රාමුවක් භාවිතා කරමින් පැය 3 විනාඩි 13 තත්පර 7 ක කාලයක් තුල රුව නිර්මාණය කරමින් ඊයේ (3) මෙම වාර්තාව තැබීම සිදු කළේය.
යක්කල රණවිරු ඇපරල් ආයතනයේදී රුව නිර්මාණය කරමින් වාර්තාව තුබූ අතර යුරෝපය ඇතුලු ලෝකයේ රටවල් 26 ක නියෝජනය සහිත වන Cholan Book Of World Records (CBWR) සංවිධානයේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරිණි.
මෙවන් ලෝක වාර්තාවක් තැබීම සම්බන්ධයෙන් චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවෙහි සභාපති කපිතාන් ඉන්ද්‍රනාත් පෙරේරා මහතා අදහස් දක්වමින් සදහන් කර සිටියේ මෙම වයසේ දරුවෙකු විසින් රූබික් කියුබ් භාවිතා කරමින් විශාල ප්‍රමාණයේ රාමුවක් තුල මෙවන්
නිර්මාණය කොට වාර්තාවක් තබා නැති බවය.
මෙම නිර්මාණය කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීම විනිශ්චය කිරීම Cholan Book Of World Records සංවිධානයේ උප සභාපති ශ්‍රී නාගවානී රාජා , එහි ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් කපිතාන් ඉන්ද්‍රනාත් පෙරේරා , ජර්මනියේ ස්ටෙප්ස් ආයතනයේ සභාපති වින්සන්ට් ෆැන්සිස් ජේසුදාසන් සහ People Helping People Foundation සංවිධානයේ අධ්යක්ෂ ක්ලැරන්ස් සැමුවෙල් යන මහත්වරුන් විසින් සිදු කළහ.
ගම්පහ , අමුණුගොඩ පදිංචි දරුපවුලක වැඩිමහල් දරුවා වන සස්නුල සෙහන්ස දරුවා ඉඹුල්ගොඩ සුජාතා කනිටු විදුහලින් පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිට ලකුණු 187 ක් ලබා කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුළත්ව ඇත.
මෙම ලෝක වාර්තාව පිහිටුවීමේ අවස්ථාව නැරඹීම පිනිස යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේනා විධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එම්.ඩී.මහතුවක්කාර මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ඇතුලු වාර්තාව තැබීම සිදු කළ සස්නුල සෙහන්ස දරුවාගේ පියා වන යුද හමුදා සැරයන් තිළිණ ලක්මාල් මහතා සහ මව දීපිකා කුමාරි මහත්මියද පවුලේ සාමාජිකයෝද එක්ව සිටියහ.
තිලකරත්න දිසානායක