කල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වල දමන බව වගාකරුවන් පවසති.මෙවර කල්පිටිය අර්ධද්විපයේ දළුව, මාන්පුරිය,නොරෝච්චෝල,ඉලන්තඩිය,ආලංකුඩා,ඇතුළු ප්‍රදේශ ගනනාවක වගා කර ඇති අතර එය අක්කර 500 කට ආසන්න බව පවසති.
මෙම රාබු වගාවෙන් පසුගිය දින කිපයදි රාබු කිලෝ ලක්ෂ ගනනක් තම වගාවෙන් ගලවා ඉවත් කර වල දැමු බව වගාකරුවන් පවසති. ළුව නිර්මලපුර රාබු වගාකරුවකු වන ඩබලියු.ඩි.අජීත් අප්පුහාමි මහතා මෙසේ පවසන්නට විය.
මම මේ කන්නයේ දුම්කොල වගාව අතර රාබු අක්කර 10 කට ආසන්න අක්කර සංඛ්‍යාවක් වගා කලා එහි කිලෝ ලක්ෂ 4 කට ආසන්න ප්‍රමානයක් සාර්ථක ආදායමක් තිබුනා.දුම්වගාව එක්ක රාබු වගාව දැමු නිසා එක රාබු අලයක් කිලෝ එකකට වැඩිය බර ඒවා, සමහර ඒවා ග්‍රෑම් 500 ට වැඩියි.
නමුත් කිලෝවක් අද රුපියල් 10 ටත් දෙන්න බැරි වෙලා,පුදුම කරුමයත් අපි ලක්ෂ ගනනක් වැය කරලා.සත පහක් ගන්න බැරි වෙලා.
නමුත් රටපුරා හැම තැනම මේ වන විට රාබු කිලෝව රුපියල් 100 ට වැඩියි.අපිට අඩුම තරමින් වියදම් කරපු මුදලවත් හොයා ගන්න බැරි වෙලා.මම මේ රාබු සතපහක් ගන්නේ නැතිව යුද හමුදාවටයි, නේවි එකටයි අනිත් අයටයි ගෙනියන්න කිව්වා. වෙන මොනවා කරන්නද ඔහු පවසන්නට විය.
වගාකරුවන් පවසන්නේ මේ වන විට විශාල මුදලක් වැය කරමින් ලක්ෂ ගණනක් ශ්‍රමික කුලි ගෙවා වගාකල වගාවන් මෙසේ විනාශ විමට ඉඩහැරිමට සිදුව ඇති බවයි.








