ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සංවිධානය කරනලද ‘Rim of the Pacific - 2018 (RIMPAC) නාවික අභ්‍යාසයට සහභාගි වීම සඳහා පසුගිය මැයි 21 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය ලුතිනන් කමාන්ඩර් (මැරීන්) සනත් මහින්ද මහතා ඇතුළු නාවික හමුදා මැරීන් බළකා සාමාජිකයෝ සිය අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් පසුගියදා දිවයිනට පැමිණියහ.
ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා මැරීන් බළකා සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා මැරීන් බළකා සාමාජිකයන් සමග එක්ව ආපදා සහන සැලසීම මෙන්ම භූ ජල තර්ණ අභ්‍යාස පිළිබඳ හැදෑරීම් සිදු කරන ලද ශ්‍රී ලංකා මැරීන් බළකා කණ්ඩායම රොකට්, අත් බෝම්බ, මි.මී.40 මෝටාර්,මි.මී. 60 මෝටාර් වෙඩි තැබීම් සහ ආර්.පී.ජී. වෙඩි තැබීම පිළිබඳ නව අත්දැකීමක් සහ පුහුණුවක් ලබා ගැනීමට එහිදී සමත් විය.
සමුද්‍රීය ආරක්ෂාව සහ ගුවන් ආරක්ෂක මෙහෙයුම් ආවරණය වන පරිදි සිදු කරන ලද ලොව විශාලතම ජාත්‍යන්තර නාවික අභ්‍යාසය වන මෙම අභ්‍යාසය ආපදා සහන, අධිභෞතික මෙහෙයුම්, මිසයිල ප්‍රහාර සහ බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධ අභ්‍යාසවලින් සමන්විත වන අතර,විදේශීය මැරීන් බළකා සමගඅන්යෝන්ය අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීම සහ අන්තර්ජාතික මුහුදු කලාපයේ ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීම ප්‍රධාන අරමුණු කර ගැනෙයි.
1971 දී ප්‍රථමවරට ආරම්භ කරන ලද මෙම අභ්‍යාසය මෙවර පවත්වන ලද්දේ 26 වැනි වරටය. එහිදී රටවල් 25ක් නියෝජනය කරමින් ක්ෂේත්‍ර බළකා නාවික පුද්ගලයන් 25,000ක් සහභාගිව සිටියහ.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd