ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 02 වන බදාදා
රිදියගම සෆාරි උද්‍යානයේ ''සිනා '' නැමති සිංහ ධේනුව විසින් බිහිකළ සිංහ පැටවුන් දෙදෙනෙකු 10 වනදා සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.
අගෝස්තු මස 10 වනදාට ලෝක සිංහයන්ගේ දිනය නිමිත්තෙන් 10 වනදා සිට මෙම පැටවුන් දෙදෙනා දවසේ සිමත කාලයක් මහජන ප්‍රදර්ශනයට තබන බවයි සමරසේකර මහතා කියා සිටියේ.
මෙම පැටවුන් දෙදෙනා බිහිකළ ‘’සිනා’’ සිංහ දෙනුව විසින් අවස්ථා තුනකදී පැටවුන් 9 දෙනෙකු බිහිකර තිබේ. ඒ අනුව අද වන විට රිදියගම සෆාරි උද්‍යානයේ බිහිව මේ වනවිට ජීවත්ව සිටින සමස්ත සිංහ පැටවුන් සංඛ්‍යාව 18ක් වේ.
මේ අතර ''ලාරා '' නැමති සිංහ ධේනුව විසින් බිහිකළ පළමු සිංහ පැටවාවන ''ඩෝරා'' නමැති සිංහ පැටවා බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගැනීමට සමත් විය.
එමෙන්ම මෙම සිංහ පැටවුන් දෙදෙනාට මේ වනතෙක් නම් තැබීමක් කර නොමැති අතර එම සිංහ පැටවුන්ට නම් තැබීමට රිදියගම සෆාරි උද්‍යානයේ ෆේස්බුක් පිටුව මගින් ළමයින්ට අවස්ථාව සලසා දී තිබෙන බවත් හොදම නම් යෝජනා කරන කීපදෙනෙකුට ත්‍යාග ලබාදීමට කටයුතු කරන බවද රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි
දළඳා මාළිගාවේ නිලමේ මේ වන විට වසර 20ක් ධූරයේ
ඉෂාරා සෙව්වන්දි සොයා අපුර හෝටලයක් පීරයි
ඉතිහාසයේ ප්‍රථමවරට ලංකාවේ සැමන් රට යවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd