Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ වත්මන් රජය විසින් රැකියා විරහිත උපාධිධාරී 60000කට අධික පිරිසක්අවස්ථා කිහිපයකදී රාජ්‍ය අංශයට බඳවා ගැනීම සිදුවිය. වසරක සමාරම්භක පුහුණුවකට යටත්ව බඳවා ගත් මෙම අභ්‍යාසලාභී උපාධිධාරීන් මේ වන විට විවිධ රාජ්‍ය ආයතනවල සමාරම්භක පුහුණුව සඳහා අනියුක්ත කර තිබීම දැකග. හැකිය. රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පුහුණු වැඩසටහනේ යම් යම් වෙනස් වීම් සිදු වූවත් මේ වන විට මෙම පුහුණුව දිස්ත්‍රික් මට්ටමින් සිදුකරමින් පවතියි. අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස මෙසේ රාජ්‍ය සේවයට බඳවාගත් මොවුන් රාජ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමේදී හා අනියුක්ත කළ පසු නියමිත රාජකාරී ලැයිස්තුවක් ලබාදීම සම්බන්ධයෙන් අභ්‍යාසලාභී උපාධිධාරීන් නොයෙක් වර රජයට තම ඉල්ලීම් ඉදිරිපත්කරඇතිබවදැනගන්නට ලැබුණී. එකවර විශාල පිරිසකට පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී නෙයෙක් ගැටලුකාරී, අර්බුධකාරී අවස්ථාවන් පැනනැගිය හැක. සමාජ වසංගත තත්ත්වයක් හමුවේ එය රජයට තවත් අභියෝගයකි.කෙසේ නමුත් 100%ක් සාර්ථක පුහුණුවක් රජයට ලබාදීමට නොහැකි වූවත්, අඩුපාඩු අතරේ වුවද අභ්‍යාසලාභී උපාධිධාරීන් ඵලදායී රාජ්‍ය සේවා පුහුණුවක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව "අද" හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය එම්.තිලකසිරි මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
"වත්මන්ජනාධිපතිතුමාගේමඟපෙන්වීමටඅනුවස්වදේශකටයුතුඅමාත්යංශයයටතේමෙවරඅභ්යාසලාභී උපාධිධාරීන්විශාලපිරිසක්රාජ්යසේවයටබඳවාගෙනතිබෙනවා.අලුතින්බඳවාගන්නාවිවිධවුදීපව්යාප්තසේවාවන්ටබඳවාගන්නාසමාරම්භක පුහුණුවක් ලබාදීම සිදුකරනවා. උදාහරණයක් වශයෙන් ශ්‍රි ලංකා පරිපාලන සේවා නිළධාරීන් වසරක සමාරම්භක පුහුණුවක් ලබාදෙනවා. ඔවුන්ද ඒ කාල සීමාව තුළ හඳුන්වන්නේ ආධුනික පරිපාලන නිළධාරින් නමින්. එසේම මෙළෙස රැකියාගත පුහුණුව යටතේ බඳවා ගත් රාජ්‍ය සේවකයින්ද අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස හඳුන්වනු ලබනවා. ඔවුන් දෙපාර්තුමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සංස්ථා මණ්ඩල ආදී සංවිධාන රැසකට අනියුක්ත කර පුහුණුව සඳහා මේ වන විට යොමු කර තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් බඳවාගත් මේ උපාධිදාරීන් ඒ ඒ ප්‍රෙද්ශයේ පුහුණු සඳහා රාජ්‍ය ආයතන වෙත යොමු කිරීමේදී ඇතැම්විට ගැටලුකාරී තත්ත්වයන්, දුර්වලතා හා අඩුපාඩුකම් ඇති වීම සමාන්‍ය සිදුවන්නක්. කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රජයේ ඇතැම් වැඩපිළිවෙලවල් ක්‍රියාවට නැංවීමඅපහසු කාර්යයක් බව අප අවබෝධකර ගත යුතුයි. ඒ නිසා මෙකී ගැටලුකාරි තත්ත්වය හමුවේ රැකියාගත පුහුණුව 100%ක් වඩා නිවැරදිව දීම අපහසු කාර්යයක්. මේ ලබා දෙන පුහුණුව විවේචනය කරමින් ඵලදායී නොවන දෙයක් ලෙස සෘණාත්මකව සිතමින් සිටිනවාට වඩා අභ්‍යාසලාභී උපාධිධාරීන් එය දෙස ධනාත්මකව බැලීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතු කාරණයක්. මේ සියලු උපාධිදාරින් වයස අවුරුදු 25ට වැඩි යම් ප්‍රගුණ කළ නිපුණතා මට්ටමක සිටින පිරිසක්. ඒ නිසා ඔවුන් සැම විටම රටට වැඩදායී ඵලදායී රාජ්‍ය සේවකයෙකු බවට පත් වීම උදෙසා අත්‍යවශ්‍යෙයන්ම කටයුතු කළ යුතු වෙනවා.
21 සියවසේ කුසලතා හා වැඩිහිටි අධ්‍යාපන හා පුහුණු හඳුන්වා දුන් අධ්‍යාපන විශේෂඥයින් පෙන්වා දෙන ආකාරයට හා වැඩිහිටි පුහුණු මුලධර්මවලට අනුව කිසිම පුද්ගලයෙකු පුහුණු කිරීමට නොහැකි අතර,කළ හැක්කේ ඔහුට හෝ ඇයට පුහුණු වීමට අවශ්‍ය පරිසරයක් සකස් කර දීම හා පහසුකම් සපයා දීමයි. එම මුලධර්මවලට අනුව ඉගනුම හා සංවර්ධන ගැන ඉතා පුළුල් ලෙස සාකච්ඡා කරනවා.එම නිසා එකවර උපාධිදාරී විශාල ප්‍රමාණයක් බඳවා ගැනීම තුළ ඒ වැඩසටහනේ අඩුපාඩු දුර්වලතා කතා කරනවාට වඩා එයින් උපරිම ඉගනුමක් හා සංවර්ධනයක් ලබා ගැනීමට අප සැමවිටම කැපවීමෙන් කළ යුතුයි. තම තමන්ගේ කුසලතා යාවත්කාලීන කරමින් සීමා සහිත පුහුණු කාලයක් තුළ ඵලදායී රාජ්‍ය සේවා ප්‍රවේශයක් ඒ සැවොම ලබාගැනීමට උත්සහා ගත යුතුයි.
මෙහිදී සෑම උපාධිධාරියෙකුම අවබෝධකර ගතයුතු කරුණු කිහිපයක් ධම්මපදයේ එන ගථාවක් මඟින් ගෙනහැර දැක්විම වඩා සුදුසු යැයි සිතමි. එනම්,
ආරෝග්‍යා පරමා ලාභා- කායික නිරෝගි භාවය
සන්තුට්ඨි පරමං ධනං - මානසික නිරෝගිකම
විශ්වාසං පරමා ඥාති - සමාජීය නිරෝගි බව
නිබ්බානං පරමං සුඛං- අධ්‍යාත්මික නිරෝගි භාවය
ඒ අනුව සියලුම අභ්‍යාසලාභීන් කායිකව, මානසිකව, සමාජීය වශයෙන් සහා අධ්‍යාත්මික නිරෝගී භාවයකින් යුතුව ක්‍රියා කළ යුතු අතර, ලැබී ඇති පහසුකම්වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන සාර්ථක ඉගනුමක් හා සංවර්ධනයක් ලබා ගැනීමට අවංකව කැපවීමෙන් ස්වං විනයකින් යුතුව කටයුතු කළ යුතුය. ඉහත කී ආකාරයට ක්‍රියා කිරීමේදී සියලු උපාධිධාරීන් අවබෝධ කරගෙන මතක තබාගත යුතු කරුණු කිහිපයක් පහත පරිදි දැක්විය හැක.
01.ඔබට ලැබී තිබෙන සම්පත් හා පහසුකම් උපයෝගි කොට ලද දෙයන් සතුටු වීම යන කියමන පදනම් කර කටයුතු කිරීම ඉතා වටියි.
02. පුහුණුව ලබන කාලය තුළදී තමාට පවරනු ලබන ඕනෑම රජකාරියක් සිදු කිරීමට කැමැත්තක් හා සිහියක් ඇති කර ගතයුතුයි. එය මට අදාළ නොවේ කියනවාට වඩා මම එය ඉටු කර දෙන්නම් යන්න සැමවිටම කීමට පුරුදු වන්න.
03.ඔබට ඒ කාල සීමාව තුළදී හමුවන රාජ්‍ය අංශයේ, අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ නිළධාරීන්සැමට ගරු කිරීමට පුරුදුවිය යුතුය. ගරුත්වය කිසි කෙනෙකුගෙන් අපට බලහත්කාරයෙන් ඉල්ලා සිටිය නොහැකි දෙයක්. ඔබ අන් අයට ගරු කරන විට ඒ අය තුළින් ඔබටද ගරුත්වය ලැබේ. ඒ තුළින් ඔබ රාජකාරී කරන ආයතනයට, ආයතන නිළධාරීන්ට හා අදාළ පුද්ගලයින්ට ගරු කරන්න පෙළඹෙනවා. එයින් ගෞරවනීය රාජ්‍ය සේවයක් මහජනතාවට ලබාදීමට හැකිවෙනවා.
04.ආරම්භයේදී සඳහන් කල පරිදි ඔබ නිතරම ධනාත්මක චින්තනයකින් පසුවන්නෙක් විය යුතුයි. ඒ අනුව ඔබ පසුගාමී කෙනෙකු නොවී නිතරම පුර්වගාමී කෙනෙකු වීමට කටයුතු කළ යුතුයි. මගේ මතයට අනුවනම් නිතරම ඔබ පුහුණුව ලබාදෙන තුරු නොසිට ඉගනුම් හා සංවර්ධන ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.
පුහුණුව ලබන්නා අදාළ ආයතනය හා නිළධාරීන් සමඟ සම්බන්ධව කටයුතු සිදුකළ යුතුයි. උදාහරණයක් ලෙස පුහුණුව දෙන සම්පත් දායකයා අදාළ සතිය තුළ ඔබගේ වැඩසටහන් සැලසුම් කර නොමැතිනම් ඔබ අදාල විෂය සමගාමීව පොත් පරිශිලනය කරමින් හා අනතර්ජාලය ඔස්සේ අදාළ කරුණු ගොනුකර ඔබට වැඩසටහන් සැලස්මක් සකස් කර ගත හැකියි. එය තම පුහුණු නිළධාරියාට පෙන්වා ඔවුන්ගේද අදහස් යෝජනා ගනිමින් එවිට පුහුණු කාලය ඵලදායී ලෙස යොදාගන්න ඔබට පුළුවන්.
ජන කතාවල කියන්නා මෙන් "පාත්තරයට බෙදනකම් ඉන්නේ නැතිව.පිණ්ඩපාතේ වඩින්න අවශ්‍ය බව" කියවන්නාක් මෙන් ඔබ කිසිවිටකත් පුහුණුව දෙන තුරු නොසිට පුහුණුව සොයා යන්නන් වීම අවශ්‍යයි. ඒ ලබන කුමන හෝ පුහුණුවක් රාජ්‍ය සේවය තුළ නිළධාරියෙකු ලෙස කටයුතු කිරීමේ උපයෝගි කර ගන්න ඔබට පුළුවන්. "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා", "ඇවිද්ද පය දහස් වටියි" යන කියමන් වලින් සනාථ වන්නේත් එම කාරණාවමයි. මේ පුහුණුව තුළ බොහෝ අය තමන්ගේ උපාධියට නොගැළපෙන රාජකාරී පුහුණු කාලසීමාව තුළ පවරන බවට විවිධ චෝදනා නගනවා. උදාහරණයක් ලෙස ලිපියක් ඡායා පිටපත්කරන ලෙස නිළධාරියෙකු පැවසුවහොත් අප ඒ රාජකාරිය සිදුකළ යුතුයි. එය වෘත්තිය හෝ උගත්කම අවඥාවට ලක් කිරීමක් ලෙස ඔබ කිසිවිටකත් නොසිතිය යුතුයි. එයත් තාක්ෂණික ක්‍රියාවලියක්. එවැනි දේද උගත යුතුයි. සුළු රාජකාරියක් වුවද එය පරිපුර්ණව සිදුකිරිම තුළ තෘප්තියක් තමාටද අදාළ රාජකාරිය නියම කළ නිළධාරියාටද ඇතිවේ. ඒ නිසා සැමවිටම පුහුණු වන උපාධිදාරිනියක් හෝ උපාධිදාරියෙක් නොවි සැමවිටම ආයතනයට වටින කෙනෙක් බවට ඔබ පත්වෙන්න ඕන.
නොවටිනා පුද්ගලයෙකු වනවාට වඩා වටිනා පුද්ගලයෙකු වීම අපහසු ක්‍රියාවක් වුවත් තමා සේවය කරන ආයතනයට හා ඒ ආයතනික නිළධාරින්ට තමා වටිනා මානව සම්පතක් බවට පත් වෙන්න අවශ්‍යයි.
05. ක්‍රියාකාරී හා සහානුකම්පනයකින් යුතුව අප ඔවුන්ට ඇහුම්කම් දීම කළ යුතුය.
06. ඔබ ඉගනගන්නා සියල්ල මතක තබා ගැනීමත් ඉතාම වැදගත් කාරණාවක්. රාජ්‍ය සේවයට අලුතින් ඇතුළත් වුණ ඔබ පුහුණු කාලය තුළ එහි ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත යුතුයි. ඒ අනුව ඔබ පුහුණු කාලයේදී සෑම දිනක්ම සිදුවීම ඉගනුම් ක්‍රියාකාරකම් පොතක (Learning Activities book )සටහන් කර ගත යුතුයි. එසේත් නොමැතිනම් ඔබ දෛනික සිදුවීම් වාර්තා පොතක (Record book ) සටහන් කර ගැනීම අමතක නොකර සිදුකළ යුතු දෙයක්. හොඳින් ඇහුම්කම් දී ඒවා සියල්ල සාවදානව නිරීක්ෂණය කරමින් දෛනිකව ඒ සියල්ල වාර්තා කර තැබීම නිවැරදි පුහුණු කාර්යයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
07. අවශ්‍ය තැනකදී හා අවශ්‍ය අවස්ථාවකදී කතා කරන්න බිය නොවිය යුතුයි.ඒ අනුව කටට එන ඕනෑම දෙයක් කතා කිරීමට අපට නොහැකියි. අනවශ්‍ය කතා නැතිව අවශ්‍ය අවස්ථාවදී අවශ්‍ය දෙය කතා කිරීමට අපි ක්‍රියා කළ යුතුයි.
08. ඉගනුම ලැබීම සඳහා ඔබ අවශ්‍ය ප්‍රශ්න ඇසිය යුතුයි. මිත්‍ර ශීලීව, ආචාර ශීලිව මේ තුළින් කරුණු කාරණා පැහැදිළි කර දිය යුතුයි. සාකච්ඡා මාර්ගයෙන් ගැටලුකාරී තත්ත්වයන් පැහැදිළි කර අවබෝධ කරගත යුතුයි.
09.ඔබ ඉගනුම් ක්‍රියාවලියට ක්‍රියාකාරී ලෙසම සහාභාගී විය යුතුයි. පුහුණු කාලය තුළ ඉදිරිපත් කිරිමක්, සාකච්ඡායනාදී අවස්ථාවන්හි සක්‍රීය ලෙස ඔබ ක්‍රියාකාරීව එයට සහාභාගී විය යුතුයි. අන් අය ස්වෙච්ඡාවෙන් කටයුතු කිරිමට පෙළඹවිමට පෙර, ඔබ නිතරම සෑම කටයුතුතකටම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන්න. නිරායාසයෙන් ඔබේ පෞර්ෂය සංවර්ධනය හා මානසික සංවර්ධනය සිදුවෙනවා.
10.වැඩසටහනෙහි අඩුපාඩු විවේචනය කරන්නෙකු නොවිය යුතුයි. යම් නිවැරදිවිය යුතුඅඩුපාඩුවක් තිබේනම් ඒවා සුහදශිලිව පැමිණිලි චේතනාවකින් තොරව එකී පුහුණු වැඩසටහනේ දියුණුව උදෙසා කතා කළ යුතුයි. සෑම විටම විවේචකයෙකු, අවතක්සේරුකරුවෙකු, පැමිණිලිකරුවෙකු නොවි යෝජනාකරුවෙකු ලෙස ක්රියාකරන්නට සිතිය යුතුයි.
11. ජපානය, කොරියාව, චීනය වැනි රටවල්වල ස්වෙච්ඡාවෙන් වැය කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී කරන වැඩකටයුතුවලට විශාල වටිනාකමක් දී තිබේ. අප සමාජය තුළ එය සකසා ගත යුතුය. ඔබ ස්වෙච්ඡාවෙන් කැමැත්තක් ඇතිව ඉදිරිපත් වී කටයුතු කරයි නම් අන් අයට නැතුවම බැරි රාජ්‍ය සේවයේ වටිනා පුද්ගලයෙකු බවට පත්වේ. අප කරන වෘත්තිය කුමන වෘතතියක් වුවත් එය තෘප්තිමත්ව කරනනේනම් එයින් පුහුණුව ලැබෙන ආයතනයට මෙන්ම තමන්ටද යහපතක් සිදුවේ. එම නිසා අප සැම විටම උද්යෝගයෙන් යුතුව කටයුතු කළ යුතුයි. පුහුණු පාඨමාලා කාලය තුළ ස්වං අභිප්‍රේරණයකින් යුතුව කටයුතු කිරීම ඉතාම වැදගත්. එමගින් පුහුණු ආයතනයට මෙන්ම තමන්ටද විශාල ප්රතිලාභ රැසක් අත්වෙනවා.
13. ඔබ යාවජීව ඉගනුමක් ලබන පුද්ගලයෙකු බවට පත්විය යුතුයි. සැමවිටම ඔබ සෑම දෙයකින්ම ඉගනීමට යමක් ඇති බව අවබෝධ කරගත යුතුයි. ඔබ සැමවිටම ඔබ සියලුදේම දන්නා බව නොසිතිය යුතුයි. ඔබගේ ඉගනුම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා නිතරම යහපත් දේ කිරිමට හුරු විය යුතුයි. විශේෂයෙන්ම රාජ්‍ය සේවයට අදාළ ආයතන සංග්‍රහ, මුල්‍ය රෙගුලාසි,භාණ්ඩාගාර චක්‍රලේඛන අදාළ අමාත්‍යංශ හා ක්‍රියාපටිපාටි නිතර නිතර කියවා තේරුම් ගෙන මතක තබා ගැනීමට උත්සහා කළ යුතුයි.
14. නිතරම අනාගතය ගැන සිතා සැලසුම් සහගතව කටයුතු කරන්න පුරුදු වෙන්න.
15. ඔබ නිතරම ඔබගේ සමගාමිකයින් සමඟ මිත්‍රශිලීව සහයෝගයෙන් කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න පුරුදු පුහුණු විය යුතුයි.
16. ක්‍රමානුකූලව ඔබ ඉගන ගන්නා දැනුම හා කුසලතා ඔබේ එදිනෙදා රාජකාරී කටයුතු බෙදා ගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති කර ගත යුතුයි.
17. ඔබ නිතර දැනුම හා කුසලතා යාවත්කාලීන කරගෙන අදාළ නොවන පැරණි දේ ඉවත්කර නවීන අදාළ කරුණු ඔබේ දැනුමට හා නුසලතාවලට ඇතුළත් කර ගැනීමට කටයුතු කිරිම ඉතා වටියි.
18. සැමවිටම ඔබ වේලාවට කලාවට වැඩ කරන්නට පුරුදු විය යුතුයි. වටිනා කාලය අපතේ නොයවා සිටින්නට වගබලා ගත යුතුයි.
19. අරපිරිමැස්මෙන් කාලය කළමණාකරණය කළ යුතුයි. කාලසටහනක් හෝ කාල සැලැස්මක් අනුව කටයුතු කිරීමට ඔබ පුරුදු විය යුතුයි.
ඔබ සෑම විටම "මට බැහැ", "මට කරන්න බැහැ", "එය මගේ රාජකාරිය නොවේ"යනාදී සෘණාත්මක ආකල්පයන්ගෙන් බැහැර වී "ඔව් මට පුළුවන්", "මම ඒ දෙය හැකි උපරිමයෙන් කර දෙන්නම්" වැනි ධනාත්මක ආකල්ප ඇති කර ගැනීමට පුරුදු විය යුතුයි. ඒ තුළින් ඔබට රාජ්‍ය සේවයට ප්‍රෙව්ශ වීම සඳහා ඵලදායී පුහුණුවක් ලැබෙනවා මෙන්ම එයින් අනාගතයේ ඔබෙන් මහජනතාවට ගුණාත්මක සේවයක්ද හිමිවනවා නොවනුමානයි. "
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd