ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වෙන “එක්ව ජය ගමු” ජන රැලි මාලාවේ මංගල රැලිය අද (30දා) මාතර කොටුව මහින්ද විජේසේකර ක්රිඩාංගනයේදී පැවැත්විණි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, දකුණු පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් එක්ව මෙම ජන රැලිය සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
එය නම් කර තිබුණේ “එක්ව ජය ගමු - අපි මාතර"ලෙසය.
ඒ සදහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජනජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.
අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, අලි සබ්රි, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, දකුණු පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු එහිදී අදහස් පල කලේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ පොහොට්ටුව ඇතැම් අය විවිධ කතා සිදුකලද එලැඹෙන ජනාධිපතිවරණයට සුදුසුම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
එබැවින් මෙම ජන රැලිය පන්නරයක් කරගනිමින් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන ලෙසට ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කලේය.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා සිය කතාව පැවැත්වීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ඩග්ලස් දේවානන්ද යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.
ක්‍රිෂාන් ජිවක ජයරුක්



