අග්රාමාත්යධුරයෙන් ඉල්ලා අස්වූ රනිල් වික්රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ අරලිය ගහ මන්දිරයෙන් පිටත්ව ගියේය. ඒ ඔහුගේ බිරිඳ මෛත්රී වික්රමසිංහ මහත්මියද සමගිනි.
අරලිය ගහ මන්දිරයෙන් පිටත්ව යෑමට මත්තෙන් ඔහු එහි කාර්ය මණ්ඩලය ඇමතීමටත් කටයුතු කළේය.
නිල රථ සියල්ලම භාරදීමෙන් අනතුරුව සිය පෞද්ගලික රථයකින් ඔහු අරලිය ගහ මන්දිරියෙන් පිටත්ව ගියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා






