ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට අයත්, මහියංගණ නගරයේ ගම්උදා භූමියේ පිහිටුවා ඇති රජයේ යන්ත්‍රෝපකරණ අංගනය සහ මධ්‍යම වැඩපල කොවිඩ් වසංගතයෙන් පසු, 2023 වර්ෂයේ සිට මේ දක්වා අක්‍රීය ආයතනයක් බවට පත් වෙමින්, රජයට කිසිදු ආදායමක් නොලබන, සේවකයන් කිහිපදෙනෙකුට පමණක් වැටුප් ගෙවන ආයතනයක් බවට පත්වෙමින්, පැවතීම හේතුවෙන් එම ස්ථානයෙහි ඇති භෞතික සම්පත් යන්ත්‍රෝපකරන රාශියක් විනාශයට පත් වෙමින් ඇත.
මෙම ස්ථානය කොවිඩ් වසංගතයට පෙර වෙතින් ක්‍රියාකාරීව පැවැති කාලය තුලදී ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෙත යන්ත්‍රෝපකරණ සේවා ලබාදෙමින් සංවර්ධන කටයුතුවලට විශාල දායකත්වයක් ලබාදුන් ආයතනයක් ලෙස පැවතියද, 2023 වර්ෂයේ සිට මේ දක්වා කිසිදු සේවාවක් ඉටු නොවෙමින් යන්ත්‍රෝපකරණ සහ වාහන 10 ක් පමණ දිරාපත්වීමට ලක්වෙමින් පවති.
එලෙස වසර ගණනාවක් තිස්සේ එම ආයතනය අක්‍රිය තත්වයේ පැවතියද මේ දක්වා එහි ආරක්ෂක සේවකයින් 04 දෙනකු සඳහාද, එක් ලිපිකරුවෙක් සහ ගබඩා පාලකයෙකු වෙනුවෙන් රජයේ වැටුප් ගෙවීම් සිදු කෙරේ.
එම ආයතනය 1993 වර්ෂයේදී සේවකන් 40ක පමණ සංඛ්‍යාවකින් ආරම්භ කර ඇත. එම අයතනය ක්‍රියාකාරී අවධියේදී ප්‍රධාන අංශ දෙකකින් ක්‍රියාත්මක වු අතර, රජයේ සියලු අමාත්‍යංශ සහ පුද්ගලික අංශයද එක්ව ප්‍රදේශයේ සංවර්ධන කටයුතූ සදහා එම යන්ත්‍රෝපකරණ වල සේවය ලබාගෙන ඇත. කෙදේ වෙතත් එකල සේවක වැටුප් හිඟතාව හේතුවෙන් සේවකයන් පිරිසක් වන්දි මුදල් රැගෙන (ලක්ෂ දොලහක් පමණ) ඉවත් වීම හේතුවෙන්ද එහි සේවා කටයුතු යම් මට්ටමකට අඩාල වූ බව පැවසේ. විශේෂයෙන් කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ සංවර්ධන කටයුතු ඇනහිටීමත් සමග මෙම ආයතනයද 2023 වර්ෂයේ අගෝසතු මස සම්පුර්ණයෙන්ම අක්‍රිය වී ඇත.
මෙම ආයතනය සතුව අක්කර 2 2/1 ක පමණ භුමි ප්‍රමාණයක් පවතින අතර එහි ගොඩනැගිලි 04 කින් යුක්තවේ. මුර සේවය සඳහා සේවකයින් 04 ක් ගබඩා පාලක එක් අයෙක් සහ ලිපිකරැ එක් අයෙක් රාජකරියේ යොදවා ඇත. ඊට අමතරව යන්ත්‍ර සහ වාහන 10ක් පමණ දිරාපත් වෙමින් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොගෙන දිරාපත් වෙමින් ඇත. කාමර 10කින් යුත් එක් ගොඩනැගිල්ලක් දැඩි ලෙස විනාශ මුඛයට යමින් පවති. එහි ඉදිරිපස වහලයේ තහඩු ගැලවී ගොස් වැස්සට තෙමෙමින් පවතී. වැසිකිලි පද්ධතිය දැනට අවට සිවිල් වැසියන් භාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති අතර එවා නිසි නඩත්තුවක් නොමැති කමින් දැඩි ලෙස විනාශයට පත්වෙමින් පවතී.
එසේම, ආයතනය වටා ආරෂිත වැට තැනින් තැන කඩා ඉවත්කර ආයතන ඉඩම හරහා කෙටි මාර්ගයක් සාදාගෙන ප්‍රදේශවාසීන් ගමන් ගමන් කරන බවටද පැවසේ.
රජයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් දායකත්වය ලබාගත හැකි යන්ත්රසූත්ර විශාල ප්‍රමාණයක් දිරාපත් වීමට ඉඩ නොතබා, ඵළ ප්‍ර යෝජන ගතහැකි මෙම ආයතනය පිළිබද රජයේ කඩිනම් අවධානය යොමු කර එය ආරක්ෂා කර ගැනිමට පියවර යෙදීම බළධාරීන්ගේ වගකීමකි.








