සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්රියේ දිවයිනට රැගෙන ආවේය.
රාත්රී 9.00ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එම දේහය රැගෙන ආවේය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා දිනයේදී සිදුකිරීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

