ඝානා රාජ්‍යයේ පැවති 04 වන යොවුන් සංචාරක රූ රැජින ( Miss Teen Tourism ) තරගාවලියට සහභාගී වී , එහිදී ජයග්‍රාහිකාව බවට පත් වූ නෙළුනී සෞන්දර්යා මෙනවිය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙම තරගාවලිය රටවල් 20 ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 08/01 දින සිට 08/20 දක්වා ඝානා රාජ්‍යයේ අක්රා නුවර පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පළමු වරට මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම ද විශේෂත්වයකි.
මෙම ජයග්‍රහණය රැගත් නෙළුනී සෞන්දර්යා මෙනවිය 08/23 දින අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය.
ඇය පිළිගැනීම සදහා මෙම තරගාවලියට ඇය යොමු කළ නෙක්ස්ට් ඉවෙන්ට් මනේජ්මන්ට් ආයතනයේ ජාතික අධ්යක්ෂ චරිත් ගුණසේකර , එම ආයතනයේ සහෝදර නිරූපිකාවන් මෙන්ම ඇයගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.





