ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද ලෑන්ඩ් රෝවර් රථ 12 ක් අඟහරුවාදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පරික්ෂා කළේය.
මෙහි විශේෂත්වය නම් සියලුම ලෑන්ඩ් රෝවර් රථ යුද්ධ හමුදාව විසින් දිගුකාලීන ප්‍රයෝජනයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කළ වාහන වීමයි.
යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැයවන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත් වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ජෙනරල් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ලබාදුන් උපදෙස් අනුව මෙම සියලුම වාහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම යොදාගනිමින් නවීකරණය කර තිබේ.
එමෙන්ම, විදේශ විනිමය විශාල ලෙස ඉතිරි කරමින් අයෝග්‍ය කරන ලද යතුරුපැදි, වෑන්, ලොරි, ට්රක්රථ සහ බස්රථ ඇතුලු බරවාහන රැසක් උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය සහ යාපනය ඇතුලු දිවයින පුරා ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලවල් මගින් යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා අලුත්වැඩියා කර ඇත.
මෙලෙස යුද්ධ හමුදාව දිගුකාලීන භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත් වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලුම දෙනාට මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය ප්‍රකාශ කළේය.
RELATED ARTICLES
රණවිරුවන්ගෙන් තවත් සුපිරි වැඩක්
popular news
දිනකට බැතිමතුන් 35000ට ආහාර දෙන්න මාළිගාවෙන් දන්සලක්
ලොහාන්ගෙන් ආණ්ඩුවට සද්දයක් - නෝනට අත තිබ්බොත් බලාගෙනයි
දැරියකට මරු කැඳවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පළා යයි
මාලිමාවේ මන්ත්‍රී කෝසල අභාවප්‍රාප්ත වෙයි
වැලිකඩ ඕඅයිසී ධුරයෙන් ඉවතට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග මත්පැන් පාටි දැමූ ක්‍රයිම් ඕ අයි සි ගේ හා පි සි ගේ වැඩ තහනම්
Waruna Thursday, 01 July 2021 06:37 AM
Apeta,dany,nany,pandath,na
Reply : 19 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd