ශ්රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය සැමරුමට සමගාමීවයුද හමුදාවේ සියලු රෙජිමේන්තු ධජවලට ආශිර්වාද ලබාගැනීමේවැඩ සටහනක් යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (28දා) මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ දී පැවැත්විණි .
යුද හමුදාපති ලූතිනන් ජනරාල් විකුම්ලියනගේ මහතා ඇතුළුයුද හමුදාවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම යුද හමුදා ධජවලට ආශීර්වාද ලබා ගැනීමේ අවස්ථාවේදී යුද හමුදාවේ සියලු රෙජිමේන්තු ධජ දළදා සමිඳුන් ඉදිරිපිට තැන්පත් කොට ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරිණි .
ෂේන් සෙනෙවිරත්න



