ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 02 වන බදාදා
රුසියානු හමුදා යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන ඛාර්කිව් වෙත ඇතුළු වී ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
ඛාර්කිව් ප්‍රාදේශීය පරිපාලනයේ ප්‍රධානී ඔලෙග් සිනේගුබෙව් පැවසුවේ සැහැල්ලු හමුදා වාහන "නගරයට කඩා වැදී ඇති" බවයි.
රුසියානු හමුදා නගර මධ්‍යයේ සිටින හෙයින් ආවරණවලින් පිටතට නොයන ලෙස සිය වැසියන්ගෙන් සිනෙගුබොව් මහතා ඉල්ලා සිටියි.
"ආවරණවලින් පිටව නොයන්න! යුක්රේනයේ සන්නද්ධ හමුදා සතුරා පළවා දමනු ඇති. සිවිල් වැසියන්ට වීදිවලට නොයන ලෙස ඉල්ලා සිටිනවා" යැයි ඔහු පවසයි.
මේ අතර යුක්රේනයේ දකුණතින් පිහිටි නගරයක් වන නෝවා කඛෝව්කා නොහොත් නව කඛෝව්කා නගරයේ බලය රුසියාව විසින් තහවුරු කරගෙන තිබේ.
නගරය කුඩා නගරයක් වුවත් ක්රිමියානු අර්ධද්වීපයට සෘජුවම ජල මාර්ග සපයන ඩිනිපර් ගඟේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එහි නගරාධිපති වොලොඩිමියර් කොවැලෙන්කෝ වාර්තා කර ඇත්තේ රුසියානු හමුදා විසින් නගරයේ විධායක කමිටුව අල්ලාගෙන ඇති අතර ගොඩනැගිලිවලින් යුක්රේන ධජ සියල්ල ඉවත් කර ඇති බවයි.
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි
ඉතිහාසයේ ප්‍රථමවරට ලංකාවේ සැමන් රට යවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd