ADA
www.ada.lk
2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා
සීෂෙල්ස්හි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ සඳහා සහාය දක්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා ඉල්ලීමක් කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනද ඩැනී ෆෝ මහතාගේ අවධානයට ලක්ව තිබේ.
සීෂෙල්ස් ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනය පරිදි සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සීෂෙල්ස් ජනාධිපතිවරයා අතර පැවැති නිල සාකච්ඡාවේදී මෙම ඉල්ලීම් කර තිබේ.
මෙම හමුව අද පස්වරුවේ පැවැත්විණ. දෙරට අතර අතර වෙළඳ සහ සංචාරක ක්ෂේත්රයේ සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට දෙරටේ නායකයන්ගේ අවධානයට ලක්ව ඇත.
සීෂෙල්ස් වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකාවේ පුහුණු අවස්ථා ලබාදෙන ලෙසත් එරට ආරක්ෂක හමුදාව සඳහා ශ්‍රී ලංකාව තුළ හමුදා පුහුණු අවස්ථා ලබාදීමට සහය වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම අධිකරණ සහ නීති කෙටුම්පත් අංශ සඳහා අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සහයවන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.
ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සොයා බලන බවත් සීෂෙල්ස් සිසුන්ට වෘත්තීය පුහුණු ක්ෂේත්රයේ ශිෂ්‍යත්වය 10 ක් වාර්ෂිකව ලබාදීමට කටයුතු කරන බවත්ය.
සීෂෙල්ස් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබ`දතා 1988 ඔක්තෝබර් 03 වන දින ආරම්භ කෙරිණි. සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ස්ථාපිත කෙරුණේ 2013 වසරේ දී ය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2400 ක පමණ පිරිසක් සීෂෙල්ස් රාජ්‍යයේ සේවය කරයි.
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
රනිල් ඉන්නේ තමන්ගේම ගෙදර, හේමා ප්‍රේමදාස හා ගෝඨා නිල නිවෙස්වලින් ගිහින්
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Champa Tuesday, 09 October 2018 01:16 AM
"සීෂෙල්ස් සිසුන්ට වෘත්තීය පුහුණු ක්ෂේත්රයේ ශිෂ්‍යත්වය 10 ක්" පොරොන්දු වුනාලු. එතකොට අපේ දරුවෝ කී දෙනෙක්ට මේ ක්ෂේත්රයේ ශිෂ්‍යත්ව දීල තියෙනවද? අඩු ගානේ 1000ක් වත් ඇති නේද? "සීෂෙල්ස් වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකාවේ පුහුණු අවස්ථා වලටත්" හායි කියලා. GMOA මක් කියයිද දන්නේ නැහැ නේද? ඒගොල්ලෝ SAITM සිසුන්ට රජයේ පුහුණුව දෙන එකට විරුද්ධ වුනා නේද? මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන නම් simple. Seychelles රටේ ජනාධිපතිටත් එල්ලුම් ගහක් යවන්න විතරයි තියෙන්නේ.
Reply : 0 1
Champa Tuesday, 09 October 2018 06:18 PM
මේ වගේ දෙනකොට reciprocity කියල එකක් තියෙනව. අපි මොනව හරි පොරොන්දු වෙනවා නම් ඒ පැත්තෙනුත් අපේ මිනිස්සුන්ට ඒ හා සමාන අවස්ථා දෙන්න ඕනේ.
Reply : 0 0
arun Wednesday, 10 October 2018 01:02 PM
එහෙ දොස්තරලවත් කන්න වගේ යන්නේ. මෙහෙ දොස්තරලගේ ගති ඉගෙන ගත්තොත්.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd