ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මානියේ මාදැලකට 7 සහ 8 දින දෙක තුළදී කිලෝ ග්‍රෑම් 50,000ක අධික ප්‍රමාණයකින් යුත් අම්ඹරුවන් හෙවත් පරව් මාලු තොගයක් හසුවිය.
මෙසේ පරවි මාලු තොගය හසුව ඇත්තේ එම ගම්මානයේ මාදැල පවත්වාගන යන සරත් ස්ටීවන් මහතා සහ ඔහුයටතේ සේවය කරන පිරිසකටය. දීර්ඝ කාලයක් සිට පවත්වාගන යන මෙම මාදැළ යටතේ 20ට අධික පිරිසක් සේවය කරන අතර බහුතරයන් දින වලදී එම පිරිසගේ හොද්දට පවා මාලු හසු නොවන බව එහි අයිතිකරු පවසයි.
නමුත් සේවය කරන පිරිසට පංගු නැති වුවත් ආහාර පානාදිය සහ පඩිනඩි ලබා දෙමින් සරත් ප්‍රනාන්දු මහතා එම පිරිසට රැකියාව ලබා දෙමින් විශාල මෙහෙවරක යෙදෙයි.
මෙම මාලු තොගය අලවියෙන් පසු ඉන් මුදල් පංගුවක්ද එම සේවකයන්ටද ලබාදෙන් බවත් ගම් වාසීන් සියල්ලට නොමිළයේ වේලකට මසුන් ලබාදෙන බවත් සරත් ස්ටීවන් මහතා පවසයි. මෙසේ හසුවන මාලුන් යම් ක්‍රමවේදයකට අලවි කිරීමටත් අපනයනය කිරීමටත් වැඩ පිළිවලක් රට තුළ ක්‍රියාත්මක වෙනවානම් මෙම මත්ස්‍ය කර්මාන්තයේ නියෙලෙන පිරිසටත් රටටත් අනියවාර්ය යහපතක් වන බව එම ධීවර කර්මාන්තයේ යෙදෙන එම පිරිසගේ අදහසයි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න.




