තායිලන්තය විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හෙවත් " සක්සුරින් " 07/02 දින උදෑසන යළිත් ආපසු තායිලන්තය වෙත රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන ගියේය .
මෙම ඇතා අලුත්ගම , කන්දෙවිහාරය වෙත රැක බලා ගැනීම සදහා භාර දී තිබුණි . මෙම ඇතා ගුවන් මගින් රැගෙන යාම සදහා රුසියාවේ ඉලුෂියන් - 76 වර්ගයේ , ඇංජින් 04 කින් බල ගැන්වෙන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් 06/30 දින රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
විශේෂයෙන් සකස් කරන ලද කූඩුවක බහා මෙම ඇතා 07/02 දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඉතා පරිස්සමෙන් රැගෙන ඒමට පියවර ගෙන තිබුණි .
ඉන් අනතුරුව 07/02 දින අලුයම 04.30 ට පමණ මෙම ඇතා ගුවන් යානය වෙත පැටවීම සිදු කෙරුණි.
රුසියානු එවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans ) ඒ.එසෙඩ්.එස්.- 5701 ( AZS - 5701 ) දරන ගුවන් යානය 07/02 දින උදෑසන 07.30 කටුනායක ගුවන් තොටුපොළෙන් , තායිලන්තයේ බැංකොක් නුවර " ෂියන්මායි" ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියේය. මෙම ගුවන් ගමන සදහා පැය 05 ක පමණ කාළයක් ගත වන බව සදහන් වේ.




